හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට හා ඔහුගේ පවුලේ උදවියට අයත් රුපියල් 9,71,25,000ක් වටිනා ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු 3ක් ලබන ජනවාරි 04 වැනි දා දක්වා අත්හිටුවන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (04) නියෝග කළේය.
කොළඹ මහාධිකරණය මෙයට පෙර අත්හිටුවන ලද ගිණුම් හා රක්ෂණ ඔප්පු කිහිපයක් තවත් මාස 3ක් සඳහා තහනම් නියෝගය දීර්ඝ කරන ලදී.
මේ අනුව හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට හා ඔහුගේ පවුලේ උදවියට අයත් හැටන් නැෂනල් බැංකුවේ තිඹිරිගස්යාය ශාඛාවේ පිහිටි බැංකු ගිණුම් 16ක් සහ එච්.එන්.බී. ඇෂුවරන්ස් සමාගමෙන් ගත් ජීවිත රක්ෂණ ඔප්පු 5ක් අත්හිටුවා තිබේ.
2023 අංක 9 දරණ අල්ලස් හෝ දූෂණ විරෝධී පනතේ 53(1) වැනි වගන්තිය අනුව මුදල් විශුද්ධිකරණ නමැති වරද සිදු කිරීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල,
ඔහුගේ බිරිය වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන සහ දරුවන් වන චමිත්‍රී දයනිකා රඹුක්වැල්ල, චනුලා රමාලී රඹුක්වැල්ල, අමාලී නයනිකා රඹුක්වැල්ල හා බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට විරුද්ධව මෙම නියෝගය ගෙන ඇත.
චන්දන ජයවීර
0 Comments