kelanimulla-incident

අංගොඩ කැල­ණි­මුල්ල ප්‍රදේ­ශයේ ගංව­තුරේ ඔරු පදි­මින් සිටි පිරි­සක් රැගත් ඔරු­වක් පෙරේදා (12) රාත්‍රියේ පෙරළී යෑමෙන් එහි සිටි එක් අයකු දියේ ගිලී මිය­ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කැල­ණි­මුල්ල, ගම්සභා පාරේ පදිං­චිව සිටි 34 හැවි­රිදි නිලාන් චතු­රංග නැමති දෙදරු පියෙකි. කැල­ණි­මුල්ල ප්‍රදේ­ශයේ ගොඩ­නැ­ඟිලි ද්‍රව්‍ය අලෙ­වි­ස­ලක් පව­ත්වා­ගෙන යන ඔහු ප්‍රදේ­ශයේ ජන­ප්‍රිය සමාජ සේව­ක­යෙක්ද වේ. කැල­ණි­මුල්ල ප්‍රජා පොලිස් කමි­ටුවේ සාමා­ජි­ක­ය­කුද වන ඔහු කැල­ණි­මුල්ල යුද හමුදා කඳ­වුරේ සිවිල් ක්‍රීඩා පුහු­ණු­ක­රු­වකු ලෙස ස්වේච්ඡා­වෙන් කට­යුතු කළේය. ඔහු පාපැදි ශුර­යකු ලෙස ජය­ග්‍ර­හණ රැසක්ද හිමි කර­ගත් අයෙකි.



කැල­ණි­මුල්ල ප්‍රදේ­ශය ගංව­තු­රෙන් යටව තිබූ අතර මිය ගිය නිලාන් ඇතුළු කිහිප දෙනකු විනෝ­ද­යට ඔරු පැදීම සඳහා පෙරේදා රාත්‍රී 11.00ට පමණ ඔරු­ව­කට ගොඩ වී තිබේ. ඒ අව­ස්ථාවේ හතර දෙනෙකු ඔරු­වට ගොඩ වී ඇති අතර, නිලාන්ගේ මිතු­රකු සහ ඔහුගේ බිරිය තවත් තිදෙ­නකු හා දිය­ණි­යද ඔරු­වට ගොඩ වී තිබේ. මේ වන විට පිරිස නව දෙනකු දක්වා ඉහළ ගොස් තිබිණි. මීටර් 100ක පමණ දුරක් ඇළ මාර්ගය ඔස්සේ ඔරුව පැද­ගෙන ගොස් ඇති අතර, එක් ගැඹුරු ස්ථාන­ය­කදී ඔරුව පෙරළි ගොස් ඇත. ඒ අව­ස්ථාවේ අවු­රුදු 8ක් වය­සැති දිය­ණි­යද අතින් ඇද­ගෙන ඇයගේ පියා ගොඩට පැමිණ ඇති අතර, ඇයගේ මවද ගසක අත්තක එල්ලී ගොඩට පැමිණ ඇත. මෙලෙස සිය­ල්ලෝම ඉතා අසී­රු­වෙන් බේරී ඇති අතර, මිය­ගිය තැනැත්තා ඔරුවේ එල්ලී ඇති අතර ඒ මොහොතේ ඔරුව අනෙක් පැත්තට හැරී ඇති අතර, නැවත වතා­වක් ඔහු ඔරු කදේ එල්ලු­ණද පසුව දියේ ගිලී නොපෙනී ගිය බව දුටු අය පව­සති. ඒ අව­ස්ථාවේ සියලු දෙනා පිහි­න­මින් ඉතා අසී­රු­වෙන් ගොඩට පැමිණ ඇති අතර, නිලාන් පැමිණ නොති­බිණි. අවට සිටි පිරිස් වහා ඉදි­රි­පත් වී සොයා බැලු­වද සොයා ගැනී­මට නොහැකි වී ඇති අතර, වහා මුල්ලේ­රි­යාව පොලී­සි­යට මේ ගැන දන්වා තිබිණි. ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක සුනි­මල් සුසන්ත මහතා වහා එම රාත්‍රි­යේම පොලිස් නාවික හමු­දාව, විශේෂ කාර්ය බළකා නිල­ධා­රීන්ද කැඳවා අතු­රු­දන් පුද්ග­ලයා සෙවීම ඇර­ඹීය.

කෙසේ වෙතත් මිය­ගිය නිලාන් චතු­රං­ගගේ සිරුර සොයා­ගැ­නී­මට හැකි වූයේ ඊයේ (13) පෙර­ව­රු­වේය. මහේ­ස්ත්‍රා­ත්ව­රි­යගේ ස්ථානීය පරී­ක්ෂා­වෙන් පසුව ⁣පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය ඊයේ පැවැ­ත්වුණු අතර කොළො­න්නාව හදිසි මරණ පරී­ක්ෂක කාංචනා විජේ­නා­යක මහ­ත්මිය ඉදි­රියේ මරණ පරී­ක්ෂ­ණය පැවැ­ත්විණි.
(මුල්ලේ­රි­යාව - සිරි­සේන ගමගේ)