ආර්ථික අපහසුතා හේතුවෙන් කැස්බෑව එස්.ඕ.එස් ළමා ගම්මානයට යොමු කරන ලද 14 හැවිරිදි දැරියක අපයෝජනය කළ කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය සඳහන් කරයි.39 හැවිරිදි හිමිනමක් මෙසේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.සැකකාර හිමිනම දැරියට ස්මාර්ට් වර්ගයේ අත් ඔරලෝසුවක් තෑගි කර රවටා ඇතැයිද විමර්ශනවලදී අනාවරණය වී ඇත. අතවරයට පත් දැරිය වෛද්‍ය
පරීක්ෂණයක් සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.සැමියාගෙන් වෙන්ව ජීවත්වන දැරියගේ මවට දැරිය සමග දරුවන් තිදෙනකු සිටින අතර පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් ඇය මෙම වසරේ ජනවාරි 13 වැනිදා එස් ඕ එස් ළමා ගම්මානයට ඇතුළත් කළ බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.මේ අතර ඉකුත් 22 වැනිදා ඇය සන්තකයේ රහසේ තබාගෙන සිටි ස්මාට් අත් ඔරලෝසුවක් ළමා ගම්මානයේ පාලනාධිකාරියට හමුවීමෙන් අනතුරුව පැමිණිලිකාරියට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ බව පොලීසිය සඳහන් කරයි.
එම දැනුම් දීමත් සමගම දැරියගේ මව විසින් දැරිය භාරව සිටිනා කාන්තාවට දුරකථන ඇමතුමක් ලබා දී මේ සම්බන්ධව විමසීමේදී දැරිය පිරිමි ළමයකු හා සම්බන්ධව ඇති බවට දන්වා තිබේ. ඒ බව මවට කීමෙන් පසු දරුවා වේදනා නාශක පෙති 12 ක් හා පීනස රෝගීන් භාවිත කරන පෙතින් 26 ක් පානය කිරීමේ හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ගිය ගෙනගිය බවත් පසුදින නැවත රෝහලින් ළමා ගම්මානයට රැගෙන ආ බවත් සඳහන් කර තිබූ බව පොලීසිය පවසයි.
මේ අතර අදාළ දැරියගේ මව 22 වැනිදා දරුවාගේ සුවදුක් බැලීමට පැමිණි අවස්ථාවේ දැරිය විසින් ළමා ගම්මානයේ සිටිය නොහැකි බවත් මව සමග යාමට අවශ්‍ය බවත් ප්‍රකාශ කොට ඇත. අනතුරුව එහි අධ්යක්ෂවරයා විසින් දැරිය, ඇගේ මව සහ දැරිය බලා ගත් කාන්තාව ඔහුගේ නිල කාමරයට ගෙන්වා විමසීමේදී ස්මාර්ට් අත් ඔරලෝසුව කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයක ගුරු හිමිනමක් තෑගි ලබා දුන් බව ප්‍රකාශ කර තිබූ බව පොලීසිය සඳහන් කරයි.
තවද විහාරස්ථානයට පැමිණෙන ලෙස දුරකථනයෙන් තමා බලා ගත් කාන්තාවට යෝජනා කිරීමෙන් අනතුරුව තමාව තනිව එහි යැවූ බවත් අවස්ථාවකදී සැකකාර හිමිනම තමන් අපයෝජනය කළ බවට පාපොච්ඡාරණය කළ බවද පොලීසිය සඳහන් කරයි.
මේ ආකාරයෙන් සැකකරු විසින් මාස දෙකක කාලයක් තුළදී දැරිය අපයෝජනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.අත්අඩංගුවට පත් සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ශාන්ත කුලරත්න)
0 Comments