king-charles-australia-visit

 බ්‍රිතාන්‍ය රජු තුන්වන චාල්ස් සහ බිසව කැමිලා මේ වන විට ඔවුන්ගේ පළමු නිල ඕස්ට්‍රේලියානු සංචාරයේ නිරත වෙති. පසුගිය ඔක්තෝබර් 18 වන දින සිඩ්නි නුවරට රාජ යුවළ පැමිනියහ.
මෙම වසරේ මුල් භාගයේ දී චාල්ස් රජුට පිළිකා රෝගය වැළඳී තිබූ බව හෙළිවීමෙන් පසු සිදු කරන පළමු විදේශ සංචාරය මෙය වේ.


2022 සැප්තැම්බර් මාසයේදී සිංහාසනයට පත්වීමෙන් පසු රජු ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණෙන පළමු අවස්ථාව ද මෙය වේ.

 රාජ යුවළ පැමිණි අවස්ථාවේ සිඩ්නි ඔපෙරා හවුස් ගොඩනැගිල්ල මත ඔවුන්ගේ ඡායාරූප ප්‍රක්ෂේපණය කර තිබූ අතර, ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් ඇතුළු ප්‍රධාන පෙළේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබීය.

 ඔවුන්ගේ සංචාරයේ දී ඕස්ට්‍රේලියානු සංස්කෘතිය සැමරීම සහ දේශගුණික විපර්යාස වැනි වැදගත් ගැටලු සාකච්ඡා කිරීම අරමුණු කරගත් විවිධ වැඩසටහන් සඳහා සහභාගී වනු ඇත. ජාතික උද්භිද උද්‍යානයේදී පරිසරවාදය පිළිබඳව කතා කිරීමට සහ ලැව්ගිනි කළමනාකරණය පිළිබඳව විද්‍යාඥයින් හමුවීමට චාල්ස් රජු නියමිතය. කැමිලා මැතිනිය ගෘහස්ථ හිංසනය පිළිබඳ සාකච්ඡාවලට සහභාගී වී ළමා සාක්ෂරතා වැඩසටහන් ප්‍රවර්ධනය කරනු ඇත.

 ඔක්තෝබර් 20 වන දින උතුරු සිඩ්නි හි ශාන්ත තෝමස් ඇන්ග්ලිකන් පල්ලියේ පැවති සේවා අවස්ථාවකින් ඔවුන්ගේ නිල වැඩසටහන ආරම්භ කළ අතර,

එහිදී දේවස්ථාන සාමාජිකයින් සමඟ අදහස් හුවමාරු කරගත් අතර බයිබල් පොත්වල අත්සන් තබන ලදී.

මෙම සංචාරය තුළදී ප්‍රජා සම්බන්ධතා සහ සංස්කෘතික විවිධත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. ඕස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය සැමරීම සඳහා ප්‍රජා බාබිකියු උත්සවයක් පැවැත්වෙන අතර, ඇබොරිජින සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් ප්‍රජාවන්ගේ නියෝජිතයින් හමුවීමට ද නියමිතය.

මෙම සංචාරය චාල්ස් රජුට පුද්ගලික සන්ධිස්ථානයක් පමණක් නොව ඓතිහාසික සිදුවීමක් ද වේ. මෙය බ්‍රිතාන්‍ය රජෙකු ඕස්ට්‍රේලියාවට පැමිණෙන පළමු අවස්ථාව වන අතර, සාම්ප්‍රදායික රාජකීය සංචාරවලට වඩා සරල ආකාරයකින් පැවැත්වෙන බව වාර්තා වේ.

මෙම සංචාරය තුළින් රාජාණ්ඩුව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරන අතර, රටට මුහුණ දීමට සිදුව ඇති නූතන ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.