කොස්ලන්ද කැලිපනාවෙල ප්‍රදේශයේ 13 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියකට නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමට ආධාර අනුබල දුන්නැයි සැකපිට එකම පවුලේ මව, දියණිය සහ නෑදෑ තරුණියක් ඊයේ (23) අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ලන්ද කැලිපනාවෙල ප්‍රදේශයේ පදිංචි මවක (68), දියණියක (43) සහ නෑදෑ තරුණියක් (23) බව පොලිසිය කීය.
කොස්ලන්ද කැලිපනාවෙල ප්‍රදේශයේ පදිංචි ඌවමාවෙලගම ගම්පහ ප්‍රදේශයේ පාසලක 11 වසර ඉගෙනුම ලබන 13 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක එම ප්‍රදේශයේ පදිංචි වැල්ලවාය අයිස් පීල්ල ප්‍රදේශයේ ගරාජයක රැකියාව කරන 20 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙම තරුණයා ඉකුත් 13 වැනි දින තරුණිය සමඟ පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.
සැකකාර තරුණයා මෙම සිසුවිය රැගෙන ඔහුගේ නිවෙසට ගොස් දින කීපයක් ගත කර ඇති බවත්, එම අවස්ථාවේ නිවෙසේ තරුණයාගේ මව, (43), මිත්තණිය (68) සහ 23 හැවිරිදි නෑදෑ තරුණියක් නිවෙසේ සිට ඇති බවත් පොලිසිය පැවසීය.
මේ අතර සිය 13 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවිය අතුරුදන් බවට ඇගේ පියා කොස්ලන්ද පොලිසියට 21 වැනි දින පැමිණිලි කර ඇත.
දින කීපයක් තරුණයාගේ නිෙවසේ ගත කළ මෙම යුවළ පසුව ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.
බාලවයස්කාර පාසල් දැරියකට නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සැකකාර තරුණයාගේ මව, මිත්තණිය, නැදෑ තරුණියක මෙසේ අත්අඩංගුවට ගත් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
( සී. ගමගේ)
0 Comments