kurunegala-incident

 කුරුණෑගල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට සම්බාහනයක් කර ගැනීමට ගිය (15 හැවිරිදි ) දරුවකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළේ යැයි කියන එම සම්බාහන මධ්‍යස්ථානයේ තෙරපිවරියෝ දෙදෙනෙක් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සහනිලධාරිනියන් කණ්ඩායමක් විසින් ඊයේ (10) සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.සම්බාහනය කිරීම වෙනුවෙන් මෙම දරුවා ගෙන් රුපියල් 1500ක මුදලක් අයකරගෙන ඇති බවද පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කීය.



 

නිවසේ තිබූ රුපියල් පනස් දහසක මුදලක් නැතිවීම සම්බන්ධයෙන් මෙම දරුවාගෙන් ඔහුගේ මව ප්‍රශ්න කළ අවස්ථාවේ තමා එම මුදලත් රැගෙන කුරුණෑගල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් සම්බාහනයක් කරගත් බව මව සමග පවසා ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.


සම්බාහනයෙන් පසු එම සම්භානය කළ කාන්තාවන් දෙදෙනා කළ ලිංගික අපයෝජනය ගැනද තොරතුරු මෙම බාල වයස්කාර දරුවා සිය මව සමඟ පවසා ඇතැයි කියති.මව සිය දරුවාද කැටුව පොලිසියට පැමිණ මේ ගැන පැමිණිලි කළාය. ලැබුණු පැමිණිල්ල අනුව විමර්ශන පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම සම්බාහන මධ්‍යස්ථානයේ තෙරපිවරියන් ලෙස කටයුතු කරන කාන්තාවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා ප්‍රධාන එම කාර්යාංශයේ නිලධාරීන් සහ නිලධාරිනියන් කණ්ඩායමක් විසිනි. බරපතළ ලිංගික අපයෝජනයකට ලක්වූයේ යැයි කියන මෙම බාල වයස්කාර දරුවා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරිමට නියමිතය.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)