lal-kantha-speaks

පාල­ක­යන්ගේ වර­දින් ජන­තාව දුක් විඳිද්දී මේ රටේ නාය­ක­යන් මොන­ත­රම් සුඛෝ­ප­භෝගි ජීවි­ත­යක් ගත­කර තිබෙන්නේ ද යන්න ජන­තාව දැන­ගත යුතු බවත් ඉදි­රි­යේදී විශ්‍රා­මික ජනා­ධි­ප­ති­වරු හිටපු නිල නිවා­ස­වල තත්ත්ව­යත් පෙන්වන බවත් ජාතික ජන බල­වේ­ගයේ විධා­යක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පව­සයි.





ඉදි­රි­යේදී මේවා ප්‍රද­ර්ශ­නය කරාවි යැයි බියෙන් ඇතැම් අය මේ වන විට නිල නිවා­ස­වල බඩු වෙනත් තැන්ව­ලට ගෙන­ය­න්නට උත්සාහ කරන බව තොර­තුරු වාර්තා වන බව ද ඒ මහතා කීය. මහ­නු­වර යටි­නු­වර වීදියේ ඩෙවෝන් රෙස්ට්හිදී ඊයේ (03) පැවැති මාධ්‍ය හමු­ව­කදී ලාල්කාන්ත මහතා මෙසේ ද පැව­සු­වේය.

මේ රටේ දේශ­පා­ල­න­ඥ­යන් ජන­තා­වගේ සම්පත් කුමන ආකා­ර­යට ද පරි­හ­ර­ණය කළේ කියන කාර­ණය නොදැන සිටි අය ඒවා දැන­ගත යුතුයි. ඒ වෙනු­වෙන් අප තව තවත් ප්‍රද­ර්ශන පව­ත්ව­නවා. ජනතා මුදල් කාබා­සි­නියා කර­මින් සිඟිති ආතල් ගත්තු උද­වි­යට මෙය ගැට­ලු­වක් විය හැකියි. ජනා­ධි­ප­ති­ව­රයා පසු­ගිය කාල­යේදී කිසිදු අදා­ළ­ක­මක් නැති තන­තු­රු­ව­ලට තම තමන්ගේ හිතු­ව­තුන් පත්කර යාන වාහන ලබා දී තිබෙ­නවා.
(අසේල කුරු­ළු­වංශ, නිහාල් ජය­ව­ර්ධන)