lohans-secretary-death

“ජීව­ත්වෙලා හිටිය ඇති, විශාල මාන­සික පීඩ­න­ය­කින් ඉන්නේ, මෙ‍ෙහම ජීව­ත්වෙලා වැඩක් නැහැ“ යැයි ලිපි­යක් ලියා තබා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහ­තාගේ පෞද්ග­ලික ලේකම් ලෙස කට­යුතු කළ සංජීව බස්නා­යක නමැති අය රත්වත්තේ පවු­ලට අයත් මහ­යි­යාවේ පිහිටි වල­ව්වට සම්බන්ධ කර ඉදි කෙරෙ­මින් පව­තින ගොඩ­නැ­ඟි­ල්ලක් තුළ හිසට වෙඩි තබා­ගෙන ඊයේ (20) සිය­දිවි හානි­ක­ර­ගෙන තිබේ.
වෙඩි තබා­ගත් ස්ථානය සංජීව බස්නා­යක මහතා සිය කාර්යා­ලය ලෙස යොදා­ගෙන තිබුණු බව විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත.



ගොඩ­නැ­ඟිල්ල තුළ වෙඩි වැදී සිටි පෞද්ග­ලික ලේක­ම්ව­රයා මහ­නු­වර ජාතික රෝහල වෙත රැගෙන යන­වි­ටත් මිය­ගොස් සිට ඇත. මෙය වෙඩි තැබී­මක් ද නැත­හොත් වෙඩි තබා ගැනී­මක් ද යන්න සම්බ­න්ධව මුල දී සැක­යක් ඇති­වූ­වත් ඔහු වෙඩි තබා­ගත් ස්ථානයේ තිබී හමුවූ ලිපි­ය­කින් සිය­දිවි හානි­කර ගැනී­මක් බව තහ­වුරු වූ බව පොලිස් පරි­පා­ලන අංශයේ වැඩ බලන ප්‍රධානී මධ්‍යම පළා­ත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ලලිත් පති­නා­යක මහතා සඳ­හන් කළේය.

යම් රෝගී තත්ත්ව­ය­කින් සංජීව බස්නා­යක මහතා පීඩා විඳ ඇති බවත් ඔහු පීඩ­න­ය­කින් හා සිත්තැ­වු­ල­කින් සිට ඇත්තේ ඒ සම්බ­න්ධ­යෙන් ප්‍රති­කාර ලබා ඇතත් සුව නොවීම හේතු­වෙන් බව එම ලිපි­යෙන් පෙනී යන බව ද ලලිත් පති­නා­යක මහතා පැවැ­සීය. තමාගේ අව­සන් කට­යුතු ඉක්ම­නින් අව­සන් කරන ලෙස ඉල්ලී­මක්ද එම ලිපි­යෙහි සඳ­හන් වන බවත් පති­නා­යක මහතා පැවැ­සීය.



මෙම ලිපියේ අත්අ­කුරු සම්බ­න්ධ­යෙන්ද යම් මූලික විම­ර්ශ­න­යක් පොලි­සිය විසින් සිදු­කර ඇත. එහි දී පෙනී ගොස් ඇත්තේ එම ලිපි­යෙහි ඇති අත්අ­කුරු හා සංජීව බස්නා­යක මහ­තාගේ අත්අ­කුරු හා සැස­දෙන බවය. වෙඩි තබා ගැනී­මට උප­යෝගි කර­ගෙන ඇත්තේ මිලි­මී­ටර් 09 වර්ගයේ පිස්තෝ­ල­යකි. එය බස්නා­යක නමැති අයගේ නමට ලියා­පං­දිච කර තිබෙන බව පොලිස් පරී­ක්ෂණ මගින් අනා­ව­ර­ණය වී තිබේ. පසු­ගිය ජන­වාරි මාසයේ දී එහි බල­පත්‍ර පවා අලු­ත්කර ඇති බව විම­ර්ශ­නයේ දී පෙනී ගොස් ඇත.

මොහු පෙර­වරු කාලයේ වෙඩි තබා ගැනී­මට ඇති බවට සැක කෙරෙන අතර මළ සිරුර දැක ඇත්තේ රත්වත්ත නිවසේ මෙහෙ­ක­රු­වෙකි. ඔහු ඒ සම්බ­න්ධව සෙසු අයට පැව­සී­මෙන් පසු මහ­නු­වර ජාතික රෝහ­ලට සිරුර රැගෙන ගොස් තිබේ. ඒ ඔහු මිය­ගොස් බව නොදැන ජීවි­තය බේරා­ගැ­නීමේ අපේ­ක්ෂාව ඇති­වය. විවා­හ­ක­යකු වන ඔහු එක්දරු පියෙකි. සිද්ධිය වූ ස්ථාන­යට ඊයේ (20) දහ­වල් ලොහාන් රත්වත්තේ මහතා ද පැමිණ තිබේ.
(ගයාන් කුමාර වීර­සිංහ, අසේල කුරු­ළු­වංශ)