lotus-tower-fall-update

කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් පැන ඊයේ (07) සියදිවි හානිකරගත් කොළඹ ජාත්‍යන්තර පාසලේ , සිසුවිය කිසිදු සැකයක් ඇති නොවන ආකාරයට හැසිරෙමින් පොදු ස්ථානයකට ටිකට් පත් ලබාගෙන ඇතුළුවී ඊයේ සවස සිය ජීවිතය අහිමිකරගත් නාටකීය ආකාරය සීසීටීවී විමර්ශනය කරන පොලිසිය හඳුනාගෙන තිබේ.
නෙළුම් කුළුණ පරිශ්‍රය වෙත ඊයේ 2.45 ට පමණ පැමිණි ඇය ප්‍රවේශ පත්‍රයක් රැගෙන එහි බිම්මහලේ කාන්තා wash room වෙත ගොස් ඇඳුම් මාරු කරගෙන තිබෙන අතර පාසල් නිල ඇඳුම සිය බෑගයට ඇතුළු කරගෙන ඇත්තේ එහිදීය.


අනතුරුව විදුලි සෝපානයෙන් ඇය 29 වන මහළේ නැරඹුම් මැදිරිය වෙත ගමන් කර තිබෙන අතර එහි ඒ අවස්තාවේදීත් ආරක්ෂක නිලධාරීන් 5 දෙනෙකු සිටි නමුත් ඇය සියුම් ලෙස ඔවුන් සිටි තැන මගහරිමින් වටේ ගමන් කර කිසිවෙකු නැති තැනක සිය බෑගය තබා ඊට ටිකක් ඔබ්බෙන් පිහිටි තැනක සපත්තු දෙක ගලවා සපත්තු ගැලවූ ස්ථානයේ සිට බිමට පැන තිබේ.


ඇගේ සිරුර 3 වන තට්ටුවේ තිබී හමුවන්නේ ඉන් පසුවයි.
මියගිය සිසුවිය 15 හැවිරිදි රාධ්‍යා ගුණසේකර නමැති ව්‍යාපාරික පවුලක දරුවෙකු බවට පොලිසිය හඳුනාගෙන ඇත. ඇය CIS ජාත්‍යන්තර පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය.
ඇගේ මරණය ගැන සැලවීමෙන් පසු පොලිසිය හමුවට පැමිණි කොල්ලුපිටියේ පදිංචි මියගිය අයගේ පියා අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම මරණය සිදුකරගත් දියණිය හා මින් ඉහත කොළඹ අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන මියගිය සිසු යුවළ අතර සමීප සම්බන්ධයක් පැවති බවයි. ඔවුන් එකම පන්තියේ මිතුරන් වූ බවත් ඔවුන්ගේ තුන්මාස දාන පිංකම පසුගිය සතියේ පැවැත්වූ අවස්ථාවේ ඊටද එක්වූ මෙම සිසුවිය අතිශය කණගාටුවෙන් සිටි බවත්ය.
ජූලි 2 වැනි දින එලෙසම මියගිය සිසුන් දෙදෙනා කොළඹ අල්ටයාර් ටවර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලින් බිමට පැන සියදිවි නසා ගැනීමට තීරණය කිරීම කවර කරුණක් මුල්කරගෙන සිදුවූවාද යන්න තවම අනාවරණයවී නැත. මෙම මරණ හා මත්ද්‍රව්‍ය සම්බන්ධයක් තිබේදැයි පරීක්ෂණ පැවැත්වේ.
සිසුන් තිදෙනාම අධ්‍යාපනය ලැබුවේ කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි CIS ජාත්‍යන්තර පාසලේය.මෙම ආසන්නතම සියදිවි නසා ගැනීම පළමු සිදුවීම සිදුවී මාස තුනකට පමණ පසුව සිදුවී ඇති අතර එම සිසුවිය සිය මිතුරන්ගේ ක්‍රමයට සමාන ක්‍රමයක් අනුගමනය කර ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.


සිද්ධිය වූ දින රාධ්‍යා පාසල නිමවී කුරුඳුවත්තේ සිට නෙළුම් කුළුණ දක්වා ගමන් කළ බව පොලිසිය කියයි. ඇය තම පාසල් නිල ඇඳුම වෙනස් කර බෑගයට දමා කුළුණට ඇතුළු වී වෙනත් ඇඳුම් ඇඳ සිටියාය.
පෙර මිගයිගය යුවළද ඒ ආකරයට පනින්ට පෙර වෙනස් ඇඳුම් ඇඳගෙන තිබුණි.
ජංගම දුරකථනය, සපත්තු ක්ටුටම හා පාසල් බෑගය තබා පෙර යටුවළ පැන තිබූ අතර ඊයේ රාධ්‍යා මියගිය පසුව අ
ඇයගේ නිල ඇඳුම සහිත පාසල් බෑගයත් කුළුණේ නැරඹුම් ස්ථානයේ තිබී ඇයට අයත් යැයි සැලකෙන ජංගම දුරකථනයක් ද සොයා ගෙන ඇත.
රාධ්‍යාගේ සිරුර කුළුණේ තුන්වැනි මට්ටමේ කොන්ක්‍රීට් තට්ටුව මත පතිත වූ අතර අල්ටයාර් ටවර් එකෙන් බිමට පැන්න ඇගේ මිතුරු දෙදෙනාද අතරමැදි තට්ටුවකට වැටී තිබිණි. CCTV දර්ශන මගින් නෙළුම් කුළුණ තුළ ඇයගේ චලනයන් තහවුරු වූ අතර, ඛේදජනක පිම්මකට පෙර ඇය නිරීක්ෂණ තට්ටුවට නැගීම සහ ඇයගේ ක්‍රියාවන් ග්‍රහණය කර ගෙන ඇත.

නැරඹුම් මැදිරියේ සිට ඇය ගොඩබසින ස්ථානය දක්වා ඇති දුර මීටර 250 ඉක්මවන බවත්, මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතරම් උසකින් වාර්තා වූ පළමු සියදිවි නසාගැනීම සහ නෙළුම් කුළුණේ සිට වාර්තා වූ පළමු සියදිවි නසාගැනීමක් බවත් වාර්තා කර තිබේ.