mahela-sanga-king-crab

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යමේ හිටපු ප්‍රවීණ ක්‍රීඩ­ක­යන් දෙදෙ­නකු වන කුමාර සංග­ක්කාර සහ මහේල ජය­ව­ර්ධන හිමි­කා­රි­ත්වය දරන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් අව­න්හලේ කකු­ළුවා සහිත වෙළෙඳ ලකු­ණට සමාන වෙළෙඳ ලකුණු හා එම අව­න්හලේ ප්‍රද­ර්ශිත සූප­වේදී ක්‍රියා­කා­ර­කම් අනු­ක­ර­ණය වළ­ක්වන වාරණ නියෝග 2ක් ප්‍රසිද්ධ අව­න්හල් සමා­ග­ම­කට එරෙ­හිව කොළඹ වාණිජ මහා­ධි­ක­ර­ණය ඊයේ (22) නිකුත් කළේය.



මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් අව­න්හල අයත් ක්‍රැබ් ක්‍රෝබ් පුද්ග­ලික සමා­ගම පැවරූ නඩු­වක් සලකා බැලී­මෙන් පසු කොළඹ වාණිජ මහා­ධි­ක­රණ විනි­සුරු කේ.පී. ප්‍රනාන්දු මහතා විසින් 'ද කිංග් ක්‍රැබ්' අව­න්හල පවත්වා ගෙන යන ගව­ර්මන්ට් හෝල්ඩින් පුද්ග­ලික සමා­ග­මට හා එහි ප්‍රධාන සූප­වේදී එඩ්වඩ් බෙන­ඩික් යන අයට විරු­ද්ධව මෙම වාරණ නියෝග නිකුත් කර ඇත.

පැමි­ණි­ලි­කාර මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් සමා­ගම වෙනු­වෙන් සුදත් පෙරේරා ඇසෝ­සි­යෙට් හි උප­දෙස් පරිදි නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා කරුණු දක්ව­මින් විත්ති­කාර සමා­ගම බුද්ධි­මය දේපළ පනතේ විධි­වි­ධාන උල්ලං­ඝ­නය කර­මින් අසා­ධා­රණ තර­ග­යක නියැ­ළී­මට කට­යුතු කරන බව කියා සිටි­යේය.

සූප­වේදී එඩ්වඩ් බෙන­ඩික් පැමි­ණි­ලි­කාර සමා­ග­මෙන් ඉවත්ව එම සමා­ගමේ කීර්ති නාමය හා ප්‍රසි­ද්ධිය උප­යෝගි කර­ග­නි­මින් ඊට සමාන වෙළඳ ලකුණ,

එහි වර්ණ හා වචන ප්‍රද­ර්ශ­නය කරන වෙළෙඳ ලකු­ණක් යටතේ පැමි­ණි­ලි­කාර සමා­ගමේ සූප­වේදී මෙනු­වට සමාන ආකා­ර­යෙන් පාරි­භෝ­ගි­ක­යන් හට සේවය සප­යන බවට පැමි­ණි­ලි­ක­රු­වන් සිය පෙත්සම මඟින් කරුණු දක්වා සිටි­යේය.

පැමි­ණි­ලි­කාර සමා­ගම ලෝකයේ රට­වල් කිහි­ප­යක අව­න්හල් ජාල­යක් පවත්වා ගෙන යන බවත් සිය ව්‍යාපා­රය ආසි­යාවේ හොඳම අව­න්හල් 50 අත­රට වසර 8ක සිට තේරී පව­තින බවත් පෙන්වා දීම කළේය.

සිය වෙළෙඳ ලකු­ණට සමාන වෙළෙඳ ලකු­ණක් සමාන පාට­ව­ලින් හා සමාන අකු­රු­ව­ලින් යුත් සුප­වේදී මෙනු­වක් භාවිත කිරී­මෙන් 2003 අංක 36 දරණ බුද්ධි­මය දේපළ පනතේ 160 වග­න්තියේ උල්ලං­ඝ­නය කර ඇති බව පැමි­ණිල්ලේ සඳ­හන් වේ.



පැමි­ණිල්ලේ කරුණු සලකා බැලූ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා පැමි­ණි­ලි­කාර සමා­ගමේ වෙළෙඳ ලකු­ණට සමාන කකු­ළු­ව­කුගේ රූප­ය­කින් හා පාට­කින් යුත් වෙළෙඳ ලකු­ණක් භාවිත කිරීම සූප­වේදී මෙනු­වක් භාවිත කිරීම වළ­ක්ව­මින් වාරණ නියෝග 2ක් නිකුත් කළේය.

වග­උ­ත්ත­ර­කාර සූප­වේ­දි­යාට හා සමා­ග­මට අතුරු තහ­නම් දැන්වීම් හා නොතීසි නිකුත් කළ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා ලබන 23දා අධි­ක­ර­ණය කරුණු දක්වන ලෙස­ටද නියෝග කළේය.

පැමි­ණිල්ල වෙනු­වෙන් සුදත් පෙරේරා ඇසෝ­සි­යේට් හි උප­දෙස් පරිදි නීතිඥ මනෝජ් බණ්ඩාර නීතිඥ තිඩාස් හේරත්, නීතිඥ තමාලි විජේ­කෝන් සහ නීතිඥ ඇන්ජලා ෆෝන්සේකා යන මහත්ම මහ­ත්මීහු පෙනී සිටි­යහ.
(චන්දන ජය­වීර)