mahinda-vehicle

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති නිල රථ හය අතුරින් ගිලන් රථය ද ඇතුළුව නිල රථ තුනක් ජනාධිපති ලේකම් කාර්යාලයට අද (21) බාරදීමට නියමිතය.රාජ්‍ය බුද්ධි සේවා වාර්තා අනුව ලංකාවේ දේශපාලන නායකයන් අතුරින් ඉහළම තර්ජනයට ලක්ව සිටින දේශපාලනඥයා ලෙස

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දක්වා තිබියදී මෙම නිල රථ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබූ බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයකට පිළිතුරු දෙමින් එම මාධ්‍ය ඒකකය යවා ඇති ලිපියක මෙසේ සඳහන් වේ.


“හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැහැ" යන මාතෘකාව යටතේ ඔබගේ අත්සනින් යුතුව මාධ්‍ය ආමන්ත්‍රණය කරමින් 2024.10.19 දිනැති නිකුත් කර ඇති ලිපියෙහි සඳහන් තොරතුරු නිවැරැදි කිරීම හා බැඳේ.


ආ) මෙහිදී, උක්ත සඳහන් මාධ්‍ය නිවේදනයේ අවසන් ඡේදයේ පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ පවතින බවට දක්වා ඇති වාහන සම්බන්ධයෙන් වන තොරතුරු නිවැරැදි තොරතුරු නොවන බව මෙයින් කාරුණිකව දැනුම් දෙමි.


ඇ) මේ වන විට ගරු පස්වැනි විධායක මේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව සැපැයීමේ කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සංඛ්‍යාව හයක් වන අතර, ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දී තිබූ ලිඛිත උපදෙස් ප්‍රකාරව එම නිල රථ හය අතුරින් ගිලන් රථය ද ඇතුළු නිල රථ තුනක් 2024.10.21 වැනි ඉදිරි වැඩ කරන සඳුදා දින නැවත භාර දීමට කටයුතු මේ වන විට සම්පාදනය කර ඇත. මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය ද දැනුම්වත් කර ඇත.
(සුජිත් හේවාජුලිගේ)


මාධ්‍ය ඒකකය විසින් නිකුත්කළ නිවේදනය පහතින්,