mahiyangana-incident

මහියංගණය ලොග්ගල් ඔයේ තිබී 17 හැවිරිදි පාසල් සිසුවියකගේ මළ සිරුරක් අද (21) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ, උපකාරක පන්ති යන බව පවසා ඊයේ (20) උදෑසන නිවසින් පිටව ගිය බව කියන පාසල් සිසුවියන් දෙදෙනකුගෙන් එක් අයෙකුගේ මළ සිරුර බව, පොලිසිය සඳහන් කළේය.



ඇය සමඟ ගිය අනෙක් සිසුවිය මේ වන විට රිදිමාලියද්ද පොලිසිය බාරයේ පසුවන බවද පොලීසිය කීය.

මෙම සිසුවියන් දෙදෙනා එකම පාසැලේ ඉගෙනුම ලබන මිතුරියන් බවද අනාවරණය වී තිබේ.

එම සිසුවිය ඊයේ රාත්‍රී මහ මග ගමන් කළ යතුරු පැදියකට අතදැමු අවස්ථාවේ යතුරු පැදිකරු විසින් රිදීමාලියද්ද පොලිසියට අයත් ආදාඋල්පත මාර්ග බාධයකයේ නිලධාරින්ට මෙම සිසුවිය බාරදී ඇතැයි පොලිසිය පවසයි.

මොවුන් බදුල්ල නගරයේ උපකාරක පන්තියකට සහභාගී වීමට යන බව පවසා ඊයේ (20) උදේ නිවෙස් වලින් පිටවී ගිය නමුත් යළි නිවසට නොපැමිණිම නිසා මව්පියන් බදුල්ල පොලිසියට පැමිණිලිකර තිබිණි.