makandure-madush-murder

පාතා­ලයේ ප්‍රබල අප­රා­ධ­ක­රු­වකු වූ මාක­ඳුරේ මධූෂ් කොළඹ අප­රාධ කොට්ඨාස අත්අ­ඩං­ගුවේ සිටි­යදී වෙඩි තබා පලා­ගිය අප­රා­ධ­ක­රු­වන් මෙතෙක් අත්අ­ඩං­ගු­වට ගෙන නොමැති බැවින් ඒ සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශ­න­යක් පැවැ­ත්වී­මට පොලිස් බල­ධා­රීන්ගේ අව­ධා­නය යොමුව ඇත.

ඩුබායි සිට 2019 වස­රේදී මාක­ඳුරේ මධූෂ් මෙර­ටට රැගෙන ඒමෙන් පසු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු භාරයේ රඳ­වා­ගෙන ප්‍රශ්න කරනු ලැබීය. එකල අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධා­නියා ලෙස කට­යුතු කරනු ලැබුවේ මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් ලෙස මේ වන විට කට­යුතු කරන විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙ­වි­රත්න මහ­තාය.

අධ්‍යක්ෂ ලෙස සේවයේ නිර­තව සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ශානි අබේ­සේ­කර මහ­තාය.

මාක­ඳුරේ මධූෂ් රඳ­වා­ගෙන කළ ප්‍රශ්න කිරීම් හමුවේ මත්කුඩු ජාල­යට සම්බන්ධ දේශ­පා­ල­න­ඥ­යන් කිහිප දෙනෙ­කුගේ තොර­තු­රුද හෙළිවී තිබුණි. ඒ අනුව එකී දේශ­පා­ල­න­ඥ­ය­න්ගෙන් කිහිප දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට අවශ්‍ය විම­ර්ශන පවා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් එකල ආරම්භ කර තිබුණි.


පාතාල නායක මාකඳුරේ මධුෂ් 2020 ඔක්තෝබර් 19 අළුයම මියගිය ආකාරය පිළිබඳව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ දිනවල මාධ්‍ය හා සම්බන්ධ වෙමින් පැහැදිලි කිරීමක් කර තිබුණි. ඒ මෙසේය.



“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ වසර එකහමාරක් පමණ හිටපු මාකඳුරේ මධුෂ් කියන ඒ නමගිය ප්‍රධාන පෙලේ අපරාධකරුවා, ඒවගේම මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට තුළ ව්‍යාප්ත කිරීම සඳහා දැඩි ලෙස ක්‍රියා කරපු
ඉතාම ප්‍රබල ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා වැඩිදුර ප්‍රතිඵලදායක ලෙස විමර්ශන කටයුතු කිරීම සඳහා පොලිස්පතිතුමාගේ නියෝග පරිදි කොළඹ අපරාධ කොට්ඨාශයට බාරදුන්නා.


එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඊට පසුදිනම හෙරොයින් කිලෝග්‍රෑම් 11ක ප්‍රමාණයක් ප්‍රදේශයකින් සොයාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන් සමත් වුණා. ඒ අනුව මොහුගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධව මොහුගෙන් අනාවරණය වෙච්චි කරුණු අනුව ඔහුගෙන්ම තොරතුරු එකතු කරගෙන ඉතාම සාර්ථක විමර්ශන කිහිපයක් කරගෙන ගියා.

ඒ අනුව ඔහුව යොදාගෙන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ තවත් ඔහු හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් කැඳවලා ඔවුන්ගෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට අවස්ථාව ලබාගැනීමට. ඒ අනුව ඔවුන් සාකච්ඡා කරගත් පරිදි පොලිස් නිලධාරීන් සහ මාකඳුරේ මධුෂ් එම අපරාධකරුවන් හමුවීමට මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයට ගිය අවස්ථාවේදී ම

ොහු විසින් ලබාදීලා තියෙන ඒ … ඒ … ඒ …. යම් යම්කිසි ඉඟියක් අනුව මොහුව එම පැමිණි අපරාධකරුවන් යතුරු පැදියකින් පොලිස් නිලධාරීන්ට ඉලක්ක කරලා වෙඩි තැබීමක් කරලා තියෙනවා.

එම වෙඩි තැබීමේදී කලවා ප්‍රදේශයට වෙඩි තැබීමකින් තුවාල වෙච්ච එක් පොලිස් කොස්තාපල්වරයෙක්ව ජාතික රෝහලේ රෝහල්ගත කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී සිද්ධිය වුණු ස්ථානයේ සිටි අනෙක් සෙසු නිලධාරීන් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර සහ ඒවගේම අත් බෝම්බ ප්‍රහාරයකුත් එල්ල කරලා තියෙනවා. මේ අවස්ථාවෙදි ජීවිත ආරක්ෂාව තකා පොලිස් නිලධාරීන් තබපු වෙඩි ප්‍රහාරවලින්
මාකඳුරේ මධුෂ් මියගිහින් තියෙනවා.

ඒත් එක්කම එම ස්ථානයේ සිටි මීට කලින් මත්ද්‍රව්‍ය සහ මිනීමැරුම්වලට ඉතාමත්ම ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් තමා කංජිපානි ඉම්‍රාන්. ඔහුගේ මත්ද්‍රව්‍ය තිප්පොලක් කිට්ටුව තමා මේ සිද්ධිය වෙලා තියෙන්නෙ. මෙම ස්ථානයේ තිබිලා හෙරොයින් කිලෝ 22ක්, ඒ කියන්නෙ කෝටි 22ක් වටිනා හෙරොයින් අත් අඩංගුවට අරන් තියෙනවා. ඒවගේම මේ ස්ථානයේදී අපරාධකරුවන් භාවිතා කරපු බ්‍රවුනින් වර්ගයේ අලුත්ම පිස්තෝල දෙකක් පොලිසිය සොයාගෙන තියෙනවා. ඒවගේම අපරාධකරුවන් පැමිණියායැයි කියන යතුරුපැදියක් ඒ අවස්ථාවෙ ධාවනය කරගෙන ගිහින් අනතුරකට ලක්වෙලා මඟදමා ඔවුන් පළාගිහිල්ලා තියෙනවා”