මාලඹේ පැර­කුම්බා මාවත ප්‍රදේ­ශයේ ගරා­ජ­යක ගාල්කර තිබූ බස් රථ­යක වැකුම් නොමැ­තිව රෝද­යට පහත් වී තිබූ දකුණු පස රෝද­යට වැකුම් පුරවා එය නිවැ­ර­දිව සිදුවී තිබේ­දැයි පරීක්ෂා කිරී­මට හිස ඇතු­ළට දමා බලද්දී වැකුම් නිම වී යළිත් වරක් බස් රථය පහ­ත්වෙද්දී ‍ රෝද­යට ගෙල සිරවී බස් රථ රියැ­දු­රෙකු එම ස්ථාන­යේ­දීම මිය­ගොස් ඇතැයි මාලඹේ පොලි­සිය පව­සයි.

සංචා­ර­ක­යින් ප්‍රවා­හ­නය කරන අති සුඛෝ­ප­භෝගී බස් රථ ගාල්කර තිබෙන පෞද්ග­ලික රථ ගාලක බස් රථ­යක වැකුම් නිම­වී­මෙන් දකුණු පස රෝද­යට බස් රථය පහත් වී තෙබෙද්දී ඒ බව දුටු බස් රථ රිය­දු­රකු ආධා­ර­ක­ය­කින් බස් රථය උස්සා වැකුම් පුරවා එම ආධා­ර­කය ඉව­ත්කොට පසුව හිස ඇතු­ළට දමා නිවැ­ර­දිව වැකුම් පිරවී ඇත්දැයි පරීක්ෂා කිරී­මට යෑමේදී එක්ව­රම යළි බස් රථය පහත් වී ඇති අතර එම අව­ස්ථා­වේදී මෙම පුද්ග­ල­යාගේ ගෙල සිර­වී­මෙන් අන­තු­රක් සිදුව ඇති බව පැවසේ.

පසුව මේ බව දුටු අනිත් සේව­ක­යින් ක්ෂණි­කව ක්‍රියා­ත්මක වී යළි බස් රථය උස්සා රෝද­යට සිරවී සිටි පුද්ග­ලයා එළි­යට ගෙන ප්‍රති­කාර සඳහා තලං­ගම දිසා රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර එහිදී රෝගියා පරීක්ෂා කළ වෛද්‍ය­ව­රුන් පවසා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.



ඒ අනුව සිද්ධිය වූ ස්ථාන­යට තලං­ගම හදිසි මරණ පරී­ක්ෂිකා සාම විනි­සුරු ප්‍රේම­ලතා අබේ­ව­ර්ධන මහ­ත්මිය පැමිණ ස්ථානීය පරී­ක්ෂ­ණ­යක් සිදු­කොට පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සඳහා දේහය කොළඹ පොලිස් මෘත ශරී­රා­ගා­රය වෙත රැගෙන යන ලෙස පොලි­සි­යට නියෝග කළාය.

ඒ අනුව මෘත දේහය පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය කොළඹ පොලිස් මෘත ශරී­රා­ගා­ර­යේදී සිදු­කි­රී­මට නිය­මි­තව ඇත.
මෙසේ මිය­ගොස් ඇත්තේ වල­ස්මුල්ල හොරේ­වෙල, වත්ත හේන්ගොඩ, මැද­ගො­ඩ­වත්ත අංක 36 / C හි පදිංචි රන්හො­ටි­ගෙ­දර අනුර නාමල් රන්දෙ­ණිය නමැති (48) හැවි­රිදි දෙදරු පියෙකු බව පොලි­සිය පව­සයි.


සිද්ධිය වූ ස්ථානයේ ආර­ක්ෂිත කැමරා පද්ධ­ති­යක් සවි­කර නොති­බීම නිසා සිද්ධිය වූ ආකා­රය නිරී­ක්ෂ­ණය කර ගැනී­මට බාධා එල්ල වී ඇති බැවින් මෙවන් අන­තුරු යළි සිදු නොවී­මට වග බලා ගන්නා ලෙසත් හැකි ඉක්ම­නින් ආර­ක්ෂිත කැමරා පද්ධ­ති­යක් සවි කරන ලෙස­ටත් බස් රථ ගාල හිමි­ක­රුට හදිසි මරණ පරී­ක්ෂිකා සාම විනි­සුරු ප්‍රේම­ලතා අබේ­ව­ර්ධන මහ­ත්මිය උප­දෙස් දුන්නාය.

තවද මෙම ස්ථානය බස් රථ­යක අන­තු­රු­දා­යක ස්ථාන­යක් ලෙසට සල­කු­ණක් පවා යොදා තිබූ අතර එසේ තිබි­යදී මෙලෙ­සින් හිස ඇතු­ළට දමා පරීක්ෂා කිරී­මට පෙල­ඹුණේ කුමන හේතු­වක් නිසා­දැයි සැක මතු­වන බව පොලි­සිය පව­සයි.
(කොට්ටාව - ප්‍රදීප් කුමාර, පනා­ගොඩ - ඇන්ටන් ප්‍රනාන්දු)