manikhinna-incident

ත්‍රිරෝද ගාලක රියැ­දු­රකු ලෙස වසර දහ අට­කට වැඩි කලක් සේවය කරන ත්‍රිරෝද රථ­යෙන් පසු­ගිය විසි­නව වන දින සවස් කාල­යේදි මැණි­ක්හින්න නග­ර­යට හයර් එකක් යන මුවා­වෙන් පුද්ග­ල­යන් දෙදෙ­නකු එම රථය රැගෙන ගොස් පාළු ස්ථාන­යක දී තමන්ට මත්කුඩු පොවා ඇඳුම් ගලවා අතින් පයින් හොඳ­ටම පහර දී තමන් සතුව තිබූ වටිනා මුදු, චේන් හා ජංගම දුර­ක­තන දෙකක් පැහැ­ර­ගෙන මධ්‍යම රාත්‍රි­යේදි මැණි­ක්හින්න නග­ර­යට ගෙන විත් දමා පුද්ග­ල­යන් දෙදෙ­නකු පලා ගිය බව දිගන ගොම­ගොඩ ළිඳේ ගෙදර සිරි­පාල නෙහොත් කොණ්ඩයා නමැති පනස් දෙහැ­වි­රිදි ත්‍රීවීල් රථ දෙදරු පියෙකු පව­සයි. “දිගන ඔරු­තොට රථ ගාලේ අංක සී.පී. එල් 9117 දරන ත්‍රිරෝද රථයේ සේවය කර­මින් සිටින විට පසු­ගිය 29 වැනිදා සවස හැඩි දැඩි පුද්ග­ල­යන් දෙදෙ­නකු පැමිණ මැණි­ක්හින්න නග­ර­යට හයර් එකක් යෑමට ඇති බවත් ඒ සඳහා අය කරන ගාස්තුව කීයද කියා විමසා සිටියා. එම ගමන සඳහා රුපි­යල් දහ­සක් අවශ්‍ය බව මම කීවා.

එම මුද­ලට මැණි­ක්හින්න නග­ර­යට හයර් එකක් යෑමට ඔවුන් දෙදෙනා කැමැත්ත පළ කර එම ගමන යමුයි කියා යෝජනා කළා.

ඒ අනුව එම පුද්ග­ල­යන් දෙදෙනා ත්‍රිරෝද රථයේ දමා ගෙන මම මැණි­ක්හින්න නග­ර­යට ඔවුන් දෙදෙනා රැගෙන ගියා. පසුව මැණි­ක්හින්න නග­රයේ හය­සිය විසි එක මාර්ගයේ එක්තරා ස්ථාන­යක ත්‍රිරෝද රථය නතර කරන ලෙස ඉල්ලා සිටියා. තම ත්‍රිරෝද රථ­යෙන් බැස ගිය එක් පුද්ග­ල­යෙක්

බියර් ටින් දෙකක් රැගෙන පැමිණ මේවා මෙහෙම තැන්වල බොන්න බැහැ. අපි වෙන තැන­කට යමුයි කියා නග­රයේ පාළු තැන­කට ත්‍රිරෝද රථ­යෙන් ගොස් එහිදී දේශ­පා­ලන කතා­වක් පටන් අරන් මටත් බොන්න දුන්නා ඒවා පානය කළාට පසු දෙමළ බසින් කථා කළ එම දෙදෙනා මට හොඳ­ටම අතින් පයින් පහර දී මගේ සම්පූර්ණ ඇඳුම් ගලවා යළිත් පහර දී මගේ වටිනා මුදු, චේන් මුදල් හා ජංගම දුර­ක­තන දෙකත් උදුරා ගත්තා. මත්කඩු පානය කළාට පසු මට මොනවා වුණාද කියා මම දන්නේ නැහැ. නග­රයේ මම ඇඳුම් නැතිව එහාට මෙහාට ගියා. පසුව මට යළි සිහිය ආවා මට ගෙදර යන්න මතක් වුණා” යැයි ළිඳේ ගෙදර සිරි­පාල නොහොත් කොණ්ඩයා පනස් දෙහැ­වි­රිදි දෙදරු පියා පැවසීය.



“පසුව මට තේරුණා ඇ‍ඟේ ඇඳුම් නැති බව මගේ යට ඇඳුම පම­ණයි තිබුණේ.

මම මැණි­ක්හින්න නග­රයේ එහාට මෙහොට මධ්‍යම රාත්‍රියේ ඇවිද ඇවිද ඉහළ මැණි­ක්හින්න නග­රයේ ඉඳල දිගන නග­ර­යට පයින්ම ආවා. වාහන නව­ත්වන්න කියා අත දික් කළා. කිසිම වාහ­න­යක් රාත්‍රි කාලයේ නැවැ­ත්තුවේ නැහැ. දිගන නග­ර­යේදි යාළු­වෙක් දැකල මාව තෙල්දෙ­ණිය රෝහ­ලට රැගෙන ගියා පසුව මම මහ­නු­වර රෝහ­ලට ගෙන ගොස් තිබෙ­නවා. මට අතින් පයින් පහර දීමෙන් මගේ ඔළුව රිදෙ­නවා අත­පය හොඳ­ටම තුවාල වෙලයි තියෙන්නේ. මට දැන් වැඩක් පලක් කර ගන්න අමා­රුයි ඇවි­දි­න්නත් හරිම අමා­රුයි. මගේ වටිනා මුදු, චේන්, මුදල් හා ෆෝන් දෙකක් පැහැ­ර­ගෙන තිබෙ­නවා. මගේ ත්‍රීවීල් එකට මොනවා වුණා­දැයි මම දන්නේ නැහැ” ළිඳේ ගෙදර සිරි­පාල වැඩි­දු­ර­ටත් පව­සයි.

මේ පිළි­බ­ඳව මම නීතිඥ මහ­ත්මි­යක් මඟින් තෙල්දෙ­ණිය පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කළා යැයි ඔහු පව­සයි.
( කර­ල්ලි­යද්ද  - කේ. විජේ­සිරි නිශ්ශංක)