McDonalds-restaurant-chain-is-leaving-Sri-Lanka

 සනීපාරක්ෂාව පිළිබඳ ගැටලු හේතුවෙන් 2024 මාර්තු මාසයේදී මෙහෙයුම් අත්හිටුවීමෙන් පසු, එක්සත් ජනපද ක්ෂණික ආහාර අලෙවිසැලක් වන මැක්ඩොනල්ඩ්ස් සිකුරාදා (25) කියා සිටියේ තම ශ්‍රී ලංකා හිමිකරු සමඟ ඇති ගිවිසුම විධිමත් ලෙස අවසන් කළ බවයි.





“McDonald's Corporation සහ International Restaurant Systems (Pvt) Ltd ඔවුන්ට අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වන නීතිමය විසඳුමකට එළඹ ඇති අතර මීට පෙර පැවති සම්බන්ධතාවය අවසන් කර ඇතැයි දෙපිරිස ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියහ.

McDonald's සමාගම මෙරට අබාන්ස් සමූහ ව්‍යාපාරයට සම්බන්ධ දේශීය සමාගමක් වන International Restaurant Systems (Pvt) Ltd සමග නැවත හවුල්කාරීත්වයක් ඇතිකර නොගනු ඇත.


ඉදිරියේදී වෙනත් දේශීය සමාගමක් සමග එක්ව ලංකාවේ මෙහෙයුම් අරඹනවාද නැද්ද යන්න ගැන ඇමරිකානු සමාගම කිසිවක් කියා නැත.

අබාන්ස් සමූහ ව්‍යාපාරයට සම්බන්ධ දේශීය සමාගමේ ඇති වූ දුර්වල සනීපාරක්ෂාව පිළිබඳ ගැටලු මත මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව පුරා මැක්ඩොනල්ඩ්ස් වෙළඳසැල් 12 ම වසා දමන ලදී.

සිකුරාදා මැක්ඩොනල්ඩ්ස් කෝපරේෂන් සහ ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් (පෞද්ගලික) ලිමිටඩ් පැවසුවේ “මෙම කාල සීමාව තුළ මහජනතාවට ලබා දුන් සහයෝගයට ඔවුන්ගේ කෘතඥතාව පළ කරන අතර මීට පෙර මාධ්‍යවල පැතිර ගිය කටකතා හෝ සමපේක්ෂන නොසලකා හරින ලෙසයි.

McDonald's ලෝකයේ රටවල් 100 ක ශාඛා 40000 ක් පමණ පවත්වා යන දැවැන්ත අවන්හල් ජාලයක් වන අතර සංචාරකයින්ගේ විශ්වාසය දිනූ වෙළෙඳනාමයක් වීම නිසා මෙවැනි සන්නාම සහිත අවන්හල් පැවතීම රටේ සංචාරක ව්‍යාපාරයටද වැදගත්කමක් එක්කර තිබිණි.