meet-igp-every-friday

පොලිස්පති මහජන සහන දිනය 2024.10.11 වන දින සිට රජයේ නිවාඩු දිනයක් නොවන සෑම සිකුරාදා දිනකම පෙ.ව 9.00 ට කොළඹ 02, සර් චිත්තපලම් ඒ ගාඩිනර් මාවත, අංක 140 ලිපිනයේ ස්ථාපිත නව පොලිස් මූලස්ථානයේදී පැවැත්වීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.



දිවයිනේ පොලිස් ස්ථානයන්ගෙන් හා විවිධ විමර්ශන අංශයන් මගින් ඔබගේ පැමිණිල්ලට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට සැලකිය යුතු ප්‍රමාදයක් ඇතිවුවහොත් හෝ ඔබට එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපේක්ෂිත සහනය ලබාගැනීමට අපොහොසත් වුවහොත්, ඒ පිළිබඳව සෘජුවම පොලිස්පතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත දැනුම්දෙමින් පැමිණිල්ලට අවශ්‍ය යුක්ති සහගත ප්‍රතිඵලය කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා ගැනීමේ හැකියාව මහජන සහන දිනයට සහභාගී වෙමින් ඔබට උදාකරගත හැකිවනු ඇත.



පසුගිය කාලය තුල පොලිස්පති මහජන සහන දිනය අවලංගු කර තිබූ නමුත් පොලිසිය මගින් සිදුකෙරෙන මහජන සේවය වඩාත් ගුණාත්මකව සිදුකරීම සඳහා මෙම අවස්ථාව මහජනතාව වෙත ලබාදිය යුතු වැදගත් අවස්ථාවක් බව අවධාරණය කරමින් වැඩබලන පොලිස්පතිතුමන් මෙම තීරණයට එළඹ තිබේ.