milinda-apsari-ashen

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මන්ඩල සභික මිලින්ද රාජපක්ෂ ඉදිරි මහමැතිවරණයේදී පොහොට්ටු ලකුණ යටතේ කොළඹින් තරග වැදීමට සූදානම් බව වාර්තාවේ.


එසේම හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නගේ බිරිය වන අප්සාරි තිලකරත්න සජබයේ දුරකථන සලකුණ යටතේ මහමැතිවරණයට කොළඹින් තරග වැදීමට නියමිතය.
පසුගියදා හෂාන් සහ අප්සාරී සජිත් ප්‍රෙමදාස මහතා හමුවී දෑත් ශක්තිමත් කිරීමට ඉදිරිපත්වූ අතරම පසුගිය ජනපතිවරනයේදී සජබ දිනවීම වෙනුවෙන් ප්‍රචාරණ වැඩසටහන්වලටද දායක වූහ.


යූටියුබ් ක්ෂෙත්‍රයේ නමක් දිනූ 'බික' අවන්හල් ජාලා වයාපාරික අශේන් සේනාරත්න ද මුල්වරට ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධවෙමින් ගෑස් සිලින්ඩරය ලකුණින් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදීමට නියමිත බව වාර්තාවේ.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණ වැඩසටහන්ද පසුගිය කාලයේ අශේන් දියත් කළේය.අශේන් විවාහ වී සිටින ශිනාධි පෙරේරා ගේ පියා දේශපාලනයට සම්බන්ධ අයෙකු වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග වැදුණ මෙරිල් පෙරේරාය.