minister-houses

හිටපු අමාත්‍යවරුන්ට ලබා දුන් නිල නිවාසවලින් මේ වන විට භාර දී ඇත්තේ නිවාස 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙක් සඳහන් කළේ පසුගිය රජයේ අමාත්‍යවරුන් වෙනුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිල නිවාස 41ක් ලබා දුන් බවයි.




ජනාධිපතිවරණය අවසන් වු වහාම ඔවුන්ට අදාළ නිල නිවාස භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දීමක් කර තිබේ.


එම ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයා කියා සිටියේ මෙලෙස නිල නිවාස භාරදීම පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද ඉදිරියේදී කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවයි.