minneriya-incident

 කොළඹ මඩ­ක­ල­පුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ මින්නේ­රිය, රොට­වැව ප්‍රදේ­ශ­යේදී ඉන්ධන ප්‍රවා­හ­නය කර­මින් තිබූ දුම්රි­යක ගැටී­මෙන් වන අලි දෙදෙ­නකු මර­ණ­යට පත්ව තවත් වන අලි­ය­කුට බර­ප­තළ තුවාල සිදු­වීමේ අන­තුර සිදු­වුයේ දුම්රිය වේග සීමා ඉක්මවා ධාව­නය කිරීම නිසා දැයි සොයා බැලී­මට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව මඟින් විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.

මේ අන­තුර ඊයේ (18) අලු­යම 3.30ට පමණ සිදුව ඇති අතර අන­තු­රින් දුම්රියේ කොට­සක් ගැලවී යෑම නිසා දුම්රිය මාර්ග­යට ද දැඩි ලෙස හානි වී ඇත. මින්නේ­රිය, රොට­වැව 146 1/2 සැත­පුම් කණුව අසළ මේ අන­තුර සිදුව තිබෙන අතර අන­තුර සිදු­වන අව­ස්ථාවේ දුම්රිය පැයට කිලෝ­මී­ටර් 80ක වේග­ය­කින් ධාව­නය වූ බවට මතුව ඇති චෝදනා සම්බ­න්ධ­යෙන් සොයා බැලී­මට මේ විම­ර්ශ­නය ආරම්භ කර තිබේ. මේ දින­වල මින්නේ­රිය රක්ෂි­තය හා කවු­ඩුල්ල ජලා­ශය අතර වන අලි රංචු වශ­යෙන් සැරි­ස­රන අතර ජලය පානය කිරී­මට මෙසේ ගමන් කරන බව ප්‍රදේ­ශ­වා­සීහු කියති. එලෙස පැමිණි අලි රංචු­වක් ආපසු යමින් සිටි­යදී මේ අන­තු­රට මුහුණ දී ඇතැයි පැවසේ.

වන අලි දුම්රිය මාර්ගය හරහා නිර­න්ත­ර­යෙන් ගමන් කරන බැවින් මේ ප්‍රදේ­ශ­යෙන් පැයට කිලෝ­මී­ටර් 20ක් වශ­යෙන් වේග සීමා පනවා තිබේ. එසේ වේග සීමා පනවා ඇතත් අන­තුරු සිදු­වන අව­ස්ථාවේ දුම්රිය එම වේග සීමා ඉක්මවා ධාව­නය කර තිබෙන බවට චෝදනා කෙරේ.

මින්නේ­රිය ජාතික වනෝ­ද්‍යා­නයේ උද්‍යාන භාර­කාර චමින්ද කුමාර මහතා පැව­සුවේ මේ වේග සීමා සම්බ­න්ධ­යෙන් රියැ­දු­රන් දැනු­ම්වත් කර තිබෙන බවයි. මේ කලා­පය අලි බහුල කලා­ප­යක්. ඒ නිසා පසු­ගිය මාස­යේදී රියැ­දු­රන් දැනු­ම්වත් කළ බව ද හෙතෙම කීවේය. දුම්රියේ ටැංකි 7ක ඩීසල් ද ටැංකි 4ක පෙට්‍රල් ද ප්‍රවා­හ­නය කර ඇති අතර ලීටර් 45400 ධාරි­තා­වෙන් යුක්ත ටැංකි දෙකක් මේ අන­තු­රින් පෙරළී ගොස් ඇති අතර ඉන්ධන පිට­තට ගලා යමින් පැව­තුණි. අන­තු­රින් පසු මාර්ගයේ සිය­ලුම දුම්රිය වාර ඊයේ (18) අව­ලංගු කර තිබේ.

මේ දුම්රිය පීලි­පැ­නී­මත් සමඟ පෙට්‍රල් ටැංකියේ ඉන්ධන විශාල ප්‍රමා­ණ­යක් අපතේ ගොස් ඇති අතර ඩීසල් පිරවූ ඉන්ධන ටැංකි­යක ඉන්ධන භාග­යක් පමණ කාන්දු වී ඇති බවත්, ඩීසල් පිරවූ ටැංකි හත­රක් එම ස්ථාන­යෙන් වෙනත් දුම්රි­යක් පැමිණ හබ­රණ දුම්රිය ස්ථාන­යට රැගෙන ගොස් ඇති බවද ඒ පිළි­බඳ පරී­ක්ෂණ කරන මින්නේ­රිය පොලි­සියේ නිල­ධා­රි­යෙක් පැව­සීය.



මේ අන­තු­රෙන් දුම්රිය මාර්ගයේ රේල් පීලි­ව­ලට යටින් සවි­කර තිබූ කොන්ක්‍රීට් කොට දෙසී­ය­කට පමණ අලාභ හානි සිදුවී ඇති අතර රේල් පීලි තුන­ක­ටද දැඩි හානි සිදුව ඇති බවත් දුම්රිය නිල­ධා­රි­යෙක් අප කළ විම­සී­ම­කදී පැව­සීය.

මේ සම්බ­න්ධ­යෙන් දුම්රිය අති­රේක සාමා­න්‍යා­ධි­කාරී වී.එස්. පොල්ව­ත්තගේ මහතා පැව­සුවේ දුම්රිය වේග සීමා ඉක්මවා ධාව­නය කළේ දැයි යන්න සොයා බැලී­මට විම­ර්ශ­න­යක් කිරී­මට කණ්ඩා­ය­මක් පත් කළ බවයි. එම කණ්ඩා­යම ලබා දෙන දත්ත මෙන්ම ඒ ඒ ප්‍රදේ­ශ­ව­ලට පනවා අති වේග සීමා, ඒ ඒ කොට්ඨා­ස­ව­ලට පනවා අති වේග සීමා ගැන අධ්‍ය­ය­නය කර මේ අය ධාව­නය කළ වේග සීමා ගැන නිසි තොර­තු­රක් ලබා ගත හැකි බවද හෙතෙම කීවේය.

තෙල් ටැංකි 7ක් සහි­තව කඳු පල්ලම් ඔස්සේ දුම්රිය ධාව­නය කරන විට රියැ­දු­රන් විසින් යම් වේග­යක් රඳවා ගත­යුතු බවත් ඊට වඩා අඩු­වේ­ග­ය­කින් ගියොත් මේ ලෝඩ් එක රැගෙන කඳු­වල ධාව­නය කළ නොහැකි බවත් පැව­සීය. මේ නිසා මේ පරී­ක්ෂ­ණ­යේදී සියලු පැති ගැන සොයා බැලිය යුතු බවද හෙතෙම කීවේය. එමෙන්ම දුම්රිය මාර්ගය පිළි­ස­කර කිරීමේ කට­යු­තු­ව­ලට අවශ්‍ය දොඹ­කර යන්ත්‍ර මේ වන විට යවා තිබෙන බවත් ඊයේ (18) දිනය පුරා පීලි­ගත කිරීම් සිදු කර මාර්ගය පිළි­ස­කර කිරී­මට පිය­වර ගත් බව ද ඒ මහතා පැව­සීය.

මෙහිදී මීන­ගයා දුම්රියේ රියැ­දුරු මෙසේ පැව­සීය.

“ගල්ඔ­යෙන් දුම්රිය එද්දි 2.54යි.මෙතැන එද්දි පාන්දර 3.10ට විතර ඇති. අපට මීටර් 10ක් වගේ දුරින් අලි දුම්රිය මාර්ග­යට ගොඩ වුණා. තිරිංග උප­රිම වශ­යෙන් ක්‍රියා­ත්මක කළා. නමුත් අලින්ට පිට වෙන්න බැරි වුණා. අලි දුම්රියේ වැදුණා”. අන­තු­රින් හානි­යට පත් ඉන්ධන ටැංකි­ව­ලින් ගලා යන ඉන්ධන රැගෙන ප්‍රදේ­ශ­වා­සිහු විවිධ භාජන රැගෙන පැමි­ණෙන අයු­රුද ඊයේ (18) දැක ගන්න ලැබිණි.

මින්නේ­රිය පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක දුමින්ද ප්‍රනාන්දු මහතා ඇතුළු පොලිස් නිල­ධාරී කණ්ඩා­ය­මක් මේ පිළි­බඳ වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.
(සුභා­ෂිණී සේනා­නා­යක, ඇළ­හැර - සරත් වෙල­ගෙ­දර, මන­ම්පි­ටිය - නිමල් ජය­රත්න, මින්නේ­රිය සුසිල් කරු­ණා­ති­ලක, පොලො­න්න­රුව එච්.ජී. සරත් සහ සිරි­පුර - මධු­ශානි අබේ­සිංහ )