
ගල්කිස්ස රත්මලාන 4 ගේට්ටුව අසල දී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථ රියදුරකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමට හැකි වූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2800ක්ද සොයා ගැනීමට හැකිවිය.
ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී මොරටුමුල්ල ප්‍රදේශයේ මස්සිනාගේ නිවසේ ගිනි අවියක් සඟවා තිබෙන බවට තොරතුරු අනාවරණය කර ඇත.
ඒ අනුව එම නිවසේ අල්මාරිය යට සඟවා තිබී පාකිස්තානයේ නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සිය බාරයට ගත් බව පොලිසිය කියයි.
සැකකරුට මෙම ගිනි අවිය ලද ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී එය දුන් පුද්ගලයා මිය ගොස් ඇතැයි ප්‍රකාශ කළ නමුත් එම ප්‍රකාශය විශ්වාස කළ නොහැකි හෙයින් ගිනි අවිය යොදාගෙන අපරාද කර ඇද්ද? යන්න දීර්ඝ ලෙස විමර්ශන කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.තිස්තුන් හැවිරිදි සැකකරු රත්මලාන පදිංචිකරුවෙකි. සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
(ඉන්දිකා රාමනායක)
Comments
Post a Comment
Your comment will be visible after approval