mp-pention-scheme

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය කොළඹ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (30) පස්වරුවේ රැස්විය.




අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පැවැත්වුණු පළමු කැබිනට් රැස්වීමද එය වේ.එම කැබිනට් තීරණය අනුව ඉදිරියේදී අදාළ කමිටුව පත්කර ඒ සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රතිඥාවකට අනුව මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර ඇති බවද ඒ ප්‍රකාශකයා කීය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මීට පෙර වසර පහකට වරක් තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නිකුත් කෙරුණු අතර එම වාහන බලපත්‍රයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 55000 කට ආසන්න විය.

(අංජුල මහික වීරරත්න)