muthurajawela-smell

වත්තල හා ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාස අවට සූකර ගොවිපොළවල් ආශ්‍රිතව මේ දිනවල වසංගත රෝගයකින් දෛනිකව මිය යන සිය ගණනකට අධික ඌරන්ගේ ශරීර කොටස් මුතුරාජවෙල රක්ෂිතය අවට ප්‍රදේශවලට බැහැර කිරීමෙන් ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් පැතිරෙමින් දැඩි පාර්සරික හානියක් සිදු වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.




ජා-ඇල, වත්තල, කඳාන, සීදූව යන වෛද්‍ය නිලධාර් කොට්ඨාසයන්හි මේ වන විට සූකර ගොවිපොළ ආශ්‍රිත සතුන්ට කිසියම් රෝගයක් පැතිරෙමින් පවතින බව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාර් කාර්යාල වාර්තා කොට ඇත.

කොළඹ - කටුනායක අධිවේග මාර්ගය ආසන්න ප්‍රදේශ වන වැලිකැටිය, බෝපිටිය, පමුණුගම, දෑලතුර, මොදවල, කඳාන, තුඩැල්ල දඬුගම යන ප්‍රදේශයන්හි සූකර ගොවිපොළ වල සතුන් කිසියම් වසංගත රෝගයකින් පෙළී මිය යමින් සිටින බවත් පැතිර ඇති ර

ෝගී තත්ත්වයෙන් මිය යන සතුන් හා ශරීර කොටස් හොර රහසේ ඇළ දොළ ඇතුළු ප්‍රදේශ පුරා විවිධ තැන් වලට බැහැර කර ඇති බවත් ජනතාව පවසා සිටිති.


වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.ඒ.එම්.හිජාස් මහතා  පවසන්නේ අදාළ ප්‍රදේශ සහ විශේෂයෙන් මුතුරාජවෙල රක්ෂිතය අවට මේ දිනවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් විසින් දැඩි පරික්ෂාවට ලක් කරගෙන යන බවයි. මේ පිළිබඳ ජා-ඇල, කඳාන, පමුණුගම යන පොලිස් ස්ථානවල පරිසර ආරක්ෂා කිරීමේ අංශ අවධානය යොමු කර ඇති අතර පරිසරයට හානිවන අන්දමින් සිදු කරන මෙවන් කටයුතු වල නියැළී සිටින්නන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට නීත්‍යනුකූලව පියවර ගන්නා බව එම අංශ සඳහන් කරයි.