namal-kurunegala

පොදුජන එක්සත් පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ්‍යක්ෂ මහතා මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට අවධානය යොමුකර ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.






නාමල් රාජපක්ෂ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු සමග සාකච්ඡා කර තිබෙන බවද එම ආරංචි මාර්ග මේ ගැන ප්‍රකාශ  කළේය. නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට මීට පෙර පත් වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි.නාමල් රාජපක්ෂ මහතාගේ පියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2020 වසරේ පැවැති මහ මැතිවරණයේ දී තරග කරනු ලැබුවේ ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය