nandalal-cancelled-pention

 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර ඇත. ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයකුට සහ හෝ විශ්‍රාම වැටුප නොලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක සඳහන්වේ.




ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ගැසට් නිවේදනයට අනුව ඉකුත් සැප්තැම්බර් 11 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංජකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වන බව සඳහන්වේ.ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප 1998 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට අහෝසි කර තිබූ අතර පසුව යළිත් 2015 වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කෙරිණ.




ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන්ටත් 2015 ජනවාරි පළමු වැනිදා සිට මාසික විශ්‍රාම වැටුපක් හිමිවිය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට අවසන් වරට ගෙවූ මූලික වැටුපෙන් සියයට74කට සමාන මාසික විශ්‍රාම වැටුපක් ඔහු සේවය කළ වසර ගණන නොසලකා ලබා ගැනීමට එමගින් හිමිකම් ලබා දී තිබිණ. නව ගැසට් නිවේදනයට අනුව මින් පසු කිසිදු මහ බැංකු අධිපතිවරයකුට විශ්‍රාම වැටුපක් හිමිවන්නේ නැත.
(රංජන් කස්තුරි)