new-passport-sri-lanka

විදේශ ගමන් බලපත්‍ර අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊයේ (21) සිට පියවර ගත්තේය.
මෙතෙක් රතට හුරු පැහැයකින් නිකුත් කළ ගමන් බලපත්‍රය අලුතින්  නිල් පැහැයෙන් නිකුත් කර තිබෙයි.
මාස කීපයක් තිස්සේ පැවති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (21) සිට පියවර ගෙන තිබේ.



නව විදේශ ගමන් බලපත්‍රයේ පැහැය වෙනස් කොට ඇත්තේ N කාණ්ඩය වෙනුවට P හඳුන්වාදුන් නිසාය. එය නිල් පැහැයෙන් යුක්තය.

තවද පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබූ අතර නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විතය.

නව විදේශ ගමන් බලපත්‍රයේ P අංක භාවිතා කරන අතර මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රවල පැවතියේ N අංකයන්ය.

තවද නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූපවලින් සමන්විතය.

ශ්‍රී දළදා මාලිගාව, යාපනය නල්ලූර් කෝවිල, කොළඹ නෙළුම් කුළුණ, ඓතිහාසික ගාල්ල ලන්දේසි කොටු පවුර, පොළොන්නරුව ඓතිහාසික ස්ථාන, රිටිපන්න ධීවර කර්මාන්තය ආරැක්කු නවයේ පාලම, සීගිරිය, තේ වගාව, රබර් කිරි කැපීම හා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථාන සහ මෙරට සංස්කෘතිය විදහාපාන සාම්ප්‍රදායික කර්මාන්තවල ඡායාරූපවලින්ද නව විදේශ ගමන් බලපත්‍රය සමන්විතය.



නව විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණවත් තොග ලැබී ඇති හෙයින් ඉදිරියේදී ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ තදබදය අවම විය හැකි බව වාර්තාවේ.

ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය 19 රාත්‍රියේ මෙරටට ලැබුණු බවත් ඒ අනුව ඊයේ (21) සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කර තිබේ

ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඉදිරි කාලයේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.