nuwaraeliya-vehicle

ප්‍රවා­හන අමා­ත්‍යාං­ශ­යට අයත් පෙජරෝ ජීප් රථ­යක් දිරා­පත් වීමට අත්හැර දමා තිබි­යදී නුව­ර­එ­ළිය පොලි­සිය විසින් පෙරේදා (13) සොයා ගත් බව නුව­ර­එ­ළිය පොලිස් ස්ථානයේ උසස් නිල­ධා­රි­යකු පැවැ­සීය.

නුව­ර­එ­ළිය හැඩ්න්හිල් මාර්ගයේ පිහිටි නුව­ර­එ­ළිය කලාප අධ්‍යා­පන කාර්යා­ල­යට අයත් භූමියේ මේ ජීප් රථය වසර ගණ­නා­වක් පුරා ගාල් කර ඇති බවත්, එම ජීප් රථය මේ වන විට සම්පූ­ර්ණ­යෙන්ම දිරා­පත් වී දැඩි අබ­ලන් තත්ත්වයේ පව­තින බවත් පොලි­සිය කියයි.



නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කළ ඇමැ­ති­ව­ර­ය­කුගේ පෞද්ග­ලික සම්බ­න්ධී­ක­රණ නිල­ධා­රි­ය­කුට භාවිත කිරීම සඳහා එව­කට මේ ජීප් රථය හා තවත් ජීප් රථ­යක් ඇමැ­ති­ව­රයා විසින් දී ඇති බවත්, අනෙක් ජීප් රථය සොයා මේ වන විට පොලිස් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බවත්, රජ­යට අයත් වාහන නුව­ර­එ­ළියේ සඟවා ඇති බවට ලද තොර­තු­රක් මත මේ වන විට ජීප් රථ දෙකක් සොයා ගෙන ඇති බවත්, තවත් රජයේ වාහන කිහි­ප­යක් සම්බ­න්ධ­යෙන් තොර­තුරු ලැබී ඇති නිසා එම වාහන ද පොලිස් භාර­යට ගැනී­මට කට­යුතු කරන බවත් එම පොලිස් නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.
(හැටන් - රංජිත් රාජ­පක්ෂ)