රුපියල් කෝටියක කොන්ත්‍රාත්තුවකට කාන්තාවක් ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි බව කියන පුද්ගලයකු ගිනි අවියක් සහ උණ්ඩ හයක් සමඟ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරු සන්තකයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ටී 56 ගිනි අවි වලට යොදනු ලබන ජීව උණ්ඩ හයක් පොලිස් භාරයට ගෙන ඇත.හබරාදුව මීපේ ප්‍රදේශයේ පදිංචි හෙරොයින් මත්කුඩුවලට දැඩිව ඇබ්බැහිව සිටින පුද්ගලයකුට අහංගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු කාන්තාවක් ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත් ඒ සඳහා රුපියල් කෝටියක මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇති බවට මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල් (70701) සම්පත් මහතාට තොරතුරක් ලැබී තිබූ බව පොලිසිය කියයි.
එම තොරතුර එම අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ලකී රන්දෙණිය මහතාට දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත මහතා ඇතුළු කණ්ඩායමක් විසින් එම සැකකාර පුද්ගලයා හබරාදුව මීපෙ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අහංගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු එම ප්‍රදේශයේම කාන්තාවකගේ නමක් පවසා ඇය වෙඩි තබා ඝාතනය කරන ලෙසත් ඒ සඳහා රුපියල් කෝටියක මුදලක් ලබා දෙන බවට පොරොන්දු වී එකී මුදලින් රුපියල් 10000/= අත්තිකාරම් මුදලක් මෙන්ම ගිනි අවියක් සහ උණ්ඩද ලබා දී, හෙරොයින් මත්කුඩු ද ලබා දුන් බවට අනාවරණය කළ බව පොලිසිය කියයි.
සැකකරු සිදුකළ ප්‍රකාශ අනුව එම ව්‍යාපාරිකයා සතුව තවත් ගිනි අවි කීපයක් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම සැකකරුද අත්අඩංගුවට ගෙන ඔහුට එම ගිනිඅවි ලද ආකාරය හා එම ගිනිඅවි වෙනත් පුද්ගලයන්ට ලබා දී අපරාධ සිදු කර ඇත්ද? ඒ කුමන අපරාධද ද? කවුරුන්ද? යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිසිය කියයි.26 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය කීය.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
0 Comments