පොලිස් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත ව තිබෙයි.
බෝපිටිය පමුණුගම පොලීසිය ඉදිරිපිටට පැමිණි ගම්වාසීන් පිරිසක් ඊයේ පස්වරුවේ මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ, අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමිනි.
පසුගිය ඉරිදා දින බෝපිටිය පමුණුගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රන්මාලයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සේවය කරමින් සිටි සීදුව පිහිටි සේවා ස්ථානයේදී. කපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබු මෙම තරුණයින්ට පොලිසියේදී අමානුෂික ලෙස පහරදී ඇති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
ඔවුන් පමුණුගම සහ සෙත්තප්පාඩුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 20, 24 යන වයස්වල පසුවන්නන් වන බවත් මව්පියන් ඇතුළු ගම්වාසීන් පවසන පරිදි එම සොරකමට ඔවුන් සම්බන්ධ නැති වුවාත් අසාධාරණ ලෙස පහරකෑමට ලක්ව ඇති බවත්ය.
රන්මාල සොරකමකට සම්බන්ධ නොවන මෙම තරුණයින් දෙදෙනා අත්අංඩගුවට ගෙන පොලීසිය ඔවුන්ට අමානුෂික ලෙස පහරදී ඇති අතර දුංගල්පිටිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පහරකෑමට ලක්වී ඇති තරුණයින් දෙදෙනා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන බවට දුංගල්පිටිය පොලිස් ස්ථානාධිපති ලබාදුන් පොරොන්දුවත් සමග පිරිස විසිරගොස් තිබෙයි.
0 Comments