panadura-incident

පාණ­දුර ගල්ගොඩ විහා­රය ආසන්න නිවෙ­සක පිරිමි පුද්ග­ල­යකු සහ කාන්තා­වක ගේ මළ­සි­රුරු දෙකක් ඊයේ (15) අලු­යම හමුවූ බව පාන­දුර දකුණ පොලි­සිය පව­සයි.
කාන්තා­වගේ මළ­සි­රුර සාලයේ සිට මුළු­තැ­න්ගෙ­යට ඇතු­ළු­වන ස්ථානයේ බිම මුනින් අතට වැටී තිබූ බවත්, පිරිමි පුද්ග­ල­යාගේ මළ­සි­රුර මුළු­තැ­න්ගෙයි බාල්ක­යක තංගුස් ලණු­ව­කින් එල්ලෙ­මින් තිබූ බවත් පොලි­සිය පව­සයි.



දෙදෙනා කලක පටන් අනි­යම් සම්බ­න්ධ­යක් පව­ත්වා­ගෙන ගොස් ඇති බවට සිදු කළ මූලික පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළිව ඇති බව පොලි­සිය සඳ­හන් කරයි.

පිරිමි පුද්ග­ලයා පෙර­දින රාත්‍රී කොළ පැහැති ත්‍රිරෝද රථ­ය­කින් පැමිණ ඇය පදිංචි නිවෙස ආස­න්නයේ විහා­ර­ස්ථා­නය ඉදි­රි­පිට ගාල්කර තිබී සොයා­ගත් බවද පොලි­සිය පැව­සීය.

මිය­ගොස් ඇති පුද්ග­ලයා විසින් කාන්තාව ඝාත­නය කර ගෙල වැල­ලා­ග­න්නට ඇති බව­ටත් සැක­ක­රන බව පොලි­සිය සඳ­හන් කරයි.

මෙසේ මිය­ගොස් ඇත්තේ පාණ­දුර,

ශ්‍රී මහා විහාර පාරේ පදිං­චිව සිටී 42 හැවි­රිදි ශාම් ලසා­දරී ගල­ගෙ­දර නමැති කතක සහ පාන­දුර කිරි­බේ­රිය ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි 47 හැවි­රිදි සමන් කුමාර නමැති විවා­හ­ක­යෙකු බවත් ඔවුන් දෙදෙ­නා­ටම වැඩි­ම­හල් දරු­වන් සිටින බවත් පොලි­සිය පව­සයි.

පාණ­දුර කොට්ඨාස අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රීන් පරී­ක්ෂණ සිදු කළ අතර මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය සිදු­කි­රී­මට නිය­මි­තව ඇත.
(පොතු­පි­ටිය - සුමිත් ප්‍රේම­ති­ලක, බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ)