piyumi-bmw-question

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථය සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව පසුගිය 4 වැනිදා පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.රුපියල් කෝටි හයක පමණ කුෂ් හා කොකේන් ගුවන් තැපැල් මගින්

ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නාවල දෙමහල් නිවෙසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඉකුත් ජුලි 5 වැනිදා පොලිස් භාරයට ගැනිණි.




ඒ සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කළ විමර්ශනවලදී, එම මෝටර් රථය පියුමි හංසමාලි නමැත්තියගෙන් මිලදී ගත් බවට අනාවරණය වී තිබිණි.පියුමි හංසමාලි එම මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයා ගත් ආකාරය සහ ඇය විසින් අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපනවලින් ප්‍රශ්න සහගත ලෙස අධික මුදලක් උපයා ගැනීම සම්බන්ධයෙන් ඇය නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කැඳවනු ලැබුවාය. පෙරවරු 9.00ට පමණ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ගිය ඇය පස්වරු 6.00ට පමණ ඉන් පිටතට පැමිණියාය.


පුරා පැය 9කට පසු ඉන් පිටතට පැමිණි පියුමි හංසමාලි මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවැසුවාය.


“අධිකරණයේ පවතින නඩු විභාගයක් නිසා මේ ගැන මට කතා කරන්න බැහැ. මට මාර මහන්සියි. නඩු කටයුතු ඉවර වුණාම මේ ගැන ප්‍රකාශයක් දෙන්නම්.”
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)