මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබුණු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටියි.
මෙම ප්‍රශ්න කිරීම අද හෙටම සිදුවන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඒ සම්බන්ධයෙන් පියුමි හංසමාලි පවසා තිබුණේ එම මෝටර් රථය තමාගේ නමින් තිබුණ ද එය තමන් විසින් අලෙවි කළ එකක් බවය. ඒ සම්බන්ධයෙන් විමර්ශන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පවරා තිබිණි. දීර්ඝ විමර්ශනයකදී ඒ සම්බන්ධයෙන් සුවිශේෂ කරුණු රැසක් හෙළි වී තිබේ.
ඇගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත්තේ ඒ සම්බන්ධයෙන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් තට්ටු නිවාස කිහිපයක්, මෝටර් රථ කිහිපයක් ඇතුළු දේපොළ ගණනාවක් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. ඒ අතර පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කර ඇති බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය ද ඇතැයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
මේ සියලු දේපොළ තහනම් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් පියුමි හංසමාලිගේ නමින් ඇති මෝටර් රථයේ සැබෑ අයිතිකරු කවුරුන්දැයි සොයා තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අතිරික්ත ප්රතිලාභ අඩු කිරීම සඳහා අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ආර්ථික දුෂ්කරතා ඇති අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එවැනි වරප්‍රසාද භුක්ති විඳීම සුදුසු නැහැ. අනවශ්‍ය ප්රතිලාභ අවම කිරීම සහ පාලනයේ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම තීරණාත්මක බව ප්‍රකාශ කරමින් වරප්‍රසාද අඩු කිරීම සඳහා තම පක්ෂයේ සහාය ලබාදෙනවා. ඉදිරි මහ මැතිවරණය සඳහා තම පක්ෂයේ නාමයෝජනා ලබාදීමේ කටයුතු පිළිබඳ නව තරුණ මුහුණු හඳුන්වා දීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන් කාන්තාවන් අපේක්ෂකත්වය සඳහා දිරිමත් කිරීමට අවශ්‍ය වෙනවා" යැයි වැඩිදුරටත් පැවසීය.
(ගයාන් කුමාර වීරසිංහ)
0 Comments