polpithigama-incident

සිය පාසලේ 11 වැනි ශ්‍රේණියේ අධ්‍යා­ප­නය ලබන 16 හැවි­රිදි සිසු­වකු තමා පදිංචි නිවෙ­සට රැගෙන ගොස් පිහි­යක් ගෙලට තබා බිය­ගන්වා ඔහුව ලිංගික කට­යු­ත්ත­කට පොල­ඹවා ගැනී­මට තැත් කළ විදු­හ­ල්ප­ති­ව­ර­යකු පොල්පි­ති­ගම පොලි­සියේ නිල­ධා­රීන් විසින් පෙරේදා (08) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.



පන­ස්හ­තර හැවි­රිදි වියේ පසු­වන මහව අධ්‍යා­පන කලා­පයේ පිහිටි ප්‍රසිද්ධ පාස­ලක විදු­හ­ල්ප­ති­ව­ර­යකු මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි පොල්පි­ති­ගම පොලි­සිය සඳ­හන් කළේය. මෙම අප­රා­ධය ඔහු විසින් සිදු කර ඇත්තේ පසු­ගිය මාසයේ දින­කදී බව ද පොලි­සිය සඳ­හන් කරයි.

විදු­හ­ල්ප­ති­ව­රයා පදිංචි තල­කො­ළ­වැව පිහිටි නිවෙ­සට සිසුවා රැගෙන ගොස් අයුතු ලෙස සිර­කර තබා­ගෙන සිසු­වාගේ ගෙලට පිහි­යක් තබා විදු­හ­ල්ප­ති­ව­රයා තමාගේ ඇඳුම් ගලවා නිරු­වත් වී සිසු­වාව ලිංගික කට­යු­ත්තක් සඳහා පොල­ඹවා ගැනී­මට ඇවි­ටිලි කර ඇති බව පොලි­සිය කියයි.



පාසල නිමවූ පසු විදු­හ­ල්ප­ති­ව­රයා තම යතු­රු­පැ­දියේ නංවා­ගෙන නි‍වෙසට රැගෙන ගොස් මෙම අප­රා­ධය සිදු කර තිබේ. නි‍වෙසට ගිය සිසුවා තැති­ගැ­න්මෙන් යුතුව පසු­වන දෙස අව­ධා­නය යොමු කළ මව ඒ සම්බ­න්ධව කරුණු විම­සී­මේදි සිසුවා තම මවට සිදු වූ අක­ර­තැ­බ්බය පවසා පසුව තම මව සමඟ සිසුවා පොලි­සි­යට පැමිණ පැමි­ණි­ල්ලක් කර තිබේ.⁣
(ගයාන් කුමාර වීර­සිංහ, පොල්පි­ති­ගම - නන්දන කැලේ­ගම)