pradeepa-wicremasinghe-arrested

ප්‍රධාන පෙළේ‍ සමාජ ක්‍රියාකාරිකයෙක් පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, රැම්බෝ පිහියක්, කඩු කිහිපයක් ඇතුළු ආයුධ තොගයක් ද සමග කැලණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) අත්අඩංගුවට ගනු ලැබීය.සැකකරු කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ප්‍රදීප් වික්‍ර­ම­සිංහ නමැති අයෙකි.


කැල­ණිය කොහ­ල්විල පාරේ ගෝණ­වල ප්‍රදේ­ශයේ ස්ථාන­යක හිමි­ක­රු­වකු නැතිව බොහෝ වේලා­වක් නවතා තිබූ ඩබල් කැබ් රථ­යක් පිළි­බ­ඳව ඒ අවට ප්‍රදේ­ශ­වා­සීන් විසින් කළ දැනුම් දීමක් මත පරී­ක්ෂණ ආරම්භ කළ කැල­ණිය පොලී­සියේ අප­රාධ විම­ර්ශන අංශය මඳ වේලා­ව­කට පසු එම ස්ථාන­යට පැමිණි වාහ­නයේ හිමි­කරු ප්‍රශ්න කිරීම සඳහා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.



මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ප්‍රදීප් වික්‍ර­ම­සිංහ නැමති බණ්ඩා­ර­වෙල ප්‍රදේ­ශයේ ඉඩම් හිමි­යකු බව කියන පුද්ග­ල­යෙකි.
 තමා සමාජ මාධ්‍ය ක්‍රියා­කා­රි­යකු බව ප්‍රශ්න කිරී­මේදී එම පුද්ග­ලයා පවසා තිබේ.
 ස්ථානීය පරීක්ෂණ නිලධාරීහු  පොලිස් නිල සුනඛයෝ දෙදෙනෙක් සහ ඇඟිලි සලකුණු පරීක්ෂණ නිලධාරීහු කණ්ඩායමක් විමර්ශනයක් සිදු කළ පසුව  එම සුඛෝපභෝගී ජිප් රථයේ තිබී පිස්තෝලයක්, කඩු කීපයක්, යකඩ පොල්ලක්, මදන මෝදක ගුලි සහ රම්බෝ පිහියක්ද පොලිසිය සොයාගෙන ඇත.


බණ්ඩා­ර­වෙල මෙන්ම කැල­ණිය ප්‍රදේ­ශයේ තමා පදිං­චිව සිටින බව ඔහු පොලි­සිය හමුවේ ප්‍රකාශ කර ඇත.

පෞද්ග­ලික රූප­වා­හිනී නාළි­කා­වක මීට ඉහත සේවය කර ඇති අයකු වන ඔහු සතුව තිබී පිළි­ගත හැකි මාධ්‍ය හැඳු­නු­ම්ප­තක් ඉදි­රි­පත් කළ බවද පොලී­සිය පැව­සීය.
අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු පාපෝච්චාරණය කර ඇත්තේ, අලුයම තමා බීමත්ව සිටි හෙයින් රථය මාර්ගයේ දමා නිවෙසට ගිය බවයි.ගිනි අවි සහ ආයුධ තොගය ඔහු මෙසේ සන්තකයේ තබාගෙන ඇත්තේ කිසියම් අපරාධයක් සදහාද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන කරයි.
අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ලයා පොලිස් ඇප මත මුදා­හැර ඇති අතර, ඔහු සම්බ­න්ධ­යෙන් නීති­ප­ති­ව­රයා වෙත ලිපි ගොණු­වක් යොමු කර ඉදි­රි­යේදී නීති­ප­ති­ව­ර­යා­ගෙන් ලැබෙන උප­දෙස් මත විම­ර්ශන සිදු කරන බව කැල­ණිය පොලි­සියේ වැඩ­බ­ලන ස්ථානා­ධි­පති හේරත් මහතා පැව­සීය.