අසාධාරණ ලෙස සහල් මිල ඉහල දමා කිසිදු ව්‍යාපාරිකයෙකුට වාසියක් ලබා ගැනීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (25) සහල් මෝල් හිමියන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
සහල් වෙළෙඳ පොළ ස්ථාවර කර ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ධාරිතාව ඉහළ නැංවීමට රජයේ සහය ලබාදෙන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
කෘෂිකර්මාන්තය, වාරිමාර්ග සහ පොහොර සහනාධාරය ප්‍රවර්ධනය සඳහා රජය විශාල වශයෙන් ආයෝජනය කරන බැවින් මහජනතාවට සහල් ලබාදීමේ සමාජ වගකීමක් එම ව්‍යාපාරවලට පැවරෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
වෙළෙඳපොළ සමතුලිත කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ධාරිතාව ඉහළ නැංවීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් සාකච්ඡාවක් මෙම රැස්වීමට ඇතුළත් විය.
මේ අතර, කෘෂිකර්ම හා වෙළෙඳ අමාත්‍යාංශවල නිලධාරීන්, වී අලෙවි මණ්ඩලයේ නියෝජිතයන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජනාධිපති කාර්යාලයේ දී හමුවිය.
සහල් මිල සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
0 Comments