ranil-harini-baby

වත්මන් රජය විසින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරයේ ප්‍රතික්ෂේප කළේය. දේශපාලන රැස්වීමක් අමතමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ:



ඉදිරි මාස තුනක කාලයක් සඳහා රට පාලනයට අවශ්‍ය මූල්‍ය සම්පත් දැනටමත් සපයා ඇති බවත් විදේශ සංචිත හා ආදායම් වැඩිවීම සිදු වී ඇත්තේ තම පාලන සමයේ ගත් තීරණ නිසා බවත් වර්තමාන රජයට පැවරී ඇත්තේ රට පාලනය කිරීමේ වගකීම පමණක් බවත්ය.

හිටපු ජනාධිපතිවරයා අගමැතිනී හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කළේය:



ව්‍යවස්ථාවේ 43 වන වගන්තිය නොසලකා හැරීම ගැන විවේචනය කළ රනිල් අමාත්‍ය මණ්ඩලයේ බලතල පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති බව ද කීය. "ව්‍යවස්ථාව ගැන වත් නොදන්නා "බබ්බු" සමග රටක් කරන්නට නොහැකි බව" ඔහු දැඩි ස්වරයෙන් පැවසීය.
පළපුරුදු අය සිටින්නේ ගම කණ්ඩායමේ බව ඒ සමග කීය.

වැටුප් විෂමතා ඉවත් කිරීමේ විශේෂඥ කමිටුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදේශක දුමින්ද හුලංගමුව මහතා ද එම කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා අවසානයේ පැවසුවේ  අවශ්‍ය නම් ව්‍යවස්ථාව පිළිබඳ දැනුම ලබා දීමට තමා සූදානම් බවය.