ranil-statement

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (17) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.ජනාධිපතිවරණ පරාජයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි.රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට නියමිතව ඇත. ඔහු දේශපාලනයෙන් සමුගන්නට සැරසෙන බවට ආරංචිද පැතිර තිබේ.




ඉදිරි මැතිවරණයට තරග නොකිරීමට මෙන්ම ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කර ඇති වික්‍රමසිංහ මහතා ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට නායකත්වය දෙයි.

හිටපු ජනපති ගොඨාභය රාජපක්ෂ ජනඅරගලයකින් පළවාහැරීමෙන් පසු ගෝඨා නියෝජනය කළ පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු  වැඩි ඡන්ද ලබා අනුප්‍රාප්තික ජනපති පදවියට පත්වූ රනිල් වික්‍රමසිංහ එම පාලනයට සම්බන්ධ අයට ටික කලක් ආරක්ෂකයෙකු වූ අතරම

ඔවුන්ගේ නිවාස දේපළ විනාශවීම් පියවා දෙන්නට අවශ්‍ය කටයුතුද නොපිරිහෙළා ඉටු කළේය.
නමුත් අවසානයේ ජන අරගලයේදී ඉල්ලා සිටි වෙනස වෙනුවෙන් ජනතාව ජනපතිවරණයේදී ඡන්ද පාවිච්චි කළ අයුරක් පෙන්නුම් කෙරුණ අතර ලක්ෂ 22 ක් ඡන්ද ගත් රනිල් වික්‍රමසිංහ පත්ව තිබුනේ තුන්වන තැනටයි.