ranjan-dilshan-political-party

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී රන්ජන් රාමනායක එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් යුතු දේශපාලන පක්ෂයෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත්වන බව අප මින් ඉහත වාර්තා කර තිබුණි.
ඒ බව දන්වන්නට රන්ජන් අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ද පැමිණි සිටි අතර ඔහු පසුගිය ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස දිනවීම වෙනුවෙන් වැඩ කළ අතර ඊට පෙර මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුව වෙනුවෙන් වැඩ කළේය.


රන්ජන්ගේ නව  පක්ෂයේ ජාතික සංවිධායකවරයා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් වන බවත් පක්ෂයේ සභාපති රන්ජන් රාමනායක බවත් ප්‍රවෘත්ති සාකච්චාවේදී හඳුන්වාදී තිබුණි.
අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී නව පක්ෂය ප්‍රකාශ කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශය ද එළිදැක්වීමද සිදුවිය.එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ දේශපාලන පක්ෂයේ ලකුණ වන්නේ මයික්‍රෆෝනයයි.
අවස්ථා කිහිපයකදී විවිධ පක්ෂ වලට සහය දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ගේ නමින් ලියාපදිංචි මෙම පක්ෂය මෙවර ප්‍රකට පුද්ගලයින් සමග එක්කාසුකරගෙන නව මුහුණුවරකින් මැතිවරණයට ගෙන ඒමට වඩිවේල් සුරේෂ් කටයුතු කර ඇති අතර ඔහුද අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්විය.