ranjan-udv

නොවැම්බර් 14 වැනිදාට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට රන්ජන් රාමනායක තරග කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.



අධිකරණ විනිසුරුවරුන් ප්‍රීති පද්මන් සුරසේන, කුමුදිනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල, වගඋත්තරකරුවන් විසින් මතු කරන ලද විරෝධතා සැලකිල්ලට ගනිමින් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන ස්වාධීන අපේක්ෂක මහින්ද සේනානායක විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා රන්ජන් රාමනායක විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය පිළිගැනීමට මැතිවරණ කොමිසම විසින් ගන්නා ලද තීරණයට අභියෝග කරමිනි.



2021 ජනවාරි 12 වන දින අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් වරදකරු කොට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවමකට ලක් කර ඇති බැවින් රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමට නුසුදුසු බව පෙත්සම්කරු චෝදනා කරයි.ඔහුට ජනපති සමාව ලැබුනේ ප්‍රජා අයිතිය රහිතව බව පෙත්සම්කරු දැක්වූ කරුනු ප්‍රමාණවත් නොවන බව අධිකරණයේ අදහස විය.
ඒ අනුව රන්ජන් රාමනායකට ඉදිරි මහමැතිවරණයේ තරග කිරීමට බාධා නැතිව ගොස් තිබේ.