rohitha-speaks

මාධ්‍ය මගින් පළකරන මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව තමාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය .

හිටපු අමාත්‍ය වරයා මේ බව සඳහන් කළේ ඊයේ (21දා) පස්වරුවේ කළුතර දී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි. මහනුවර ප්‍රදේශයේ නිවසක රුපියල් කෝටි හයක් පමණ වටිනාකමකින් යුත් බී එම් ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ පෙජරෝ වර්ගයේ ජීප් රථයක් සඟවා තිබී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බවට මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි .වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය වරයා මෙසේ පැවසීය .


“මුලින්ම කිව්වා එම වාහන සම්බන්ධයෙන් මගේ බෑනා කෙනෙක් සම්බන්ධයි කියලා. පසුව කියනවා බෑනාගේ අය්යා කෙනෙක්මු. මේ වාහන පිළිබඳ මගේ කිසිම සම්බන්ධයක් නෑ.එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කළොත් මම දේශපාලනයෙන් සමුගන්නවා. එපමණක් නොවෙයි මෙවර මහ මැතිවරණයෙන් පවා ඉල්ලා අස්වෙනවා.මම දේශපාලනයට ආවේ වංචා කරන්න හෝ සොරකම් කරන්න නොවෙයි. නොකළ දේවලට චෝදනා එල්ල කරනවා. ම

ෙහි ඇත්ත සොයන්න කියා ඉල්ලා සිටිනවා.

පැහැදිලිව කියන්නේ දේශපාලන මඩ ගහන්න මේවා භාවිතා කරන්න එපා. මේ කියන වාහනවලට මම හෝ බෑනාගේ සම්බන්ධයක් නෑ.වෙන කවුරුන් හෝ වරදක් කළොත් මම පලිද මගේ ගෙදරත් ලියාපදිංචි කළ වාහන තියෙනවා. මේ සියල්ල ලියාපදිංචි කළ වාහන. වෙන කෙනෙක් කළ වරදකට මම වගකියන්න ඕනද . මම වරදක් කර ඇත්නම් ඔප්පු කරන්න කියලා අභියෝග කරනවා.


මේ වනවිට මැතිවරණයක් ක්‍රියාත්මක වෙනවා. සෙසු පක්ෂවලට මේ පුවත් ලොකු වාසියක් වෙනවා. මේ මැතිවරණයේදී තියෙන්නේ මනාප තරගයක්. සමහර මාධ්‍ය නඩු අහල තීන්දුත් දෙනවා.මම වරාය අමාත්‍ය තනතුරෙන් අස්වුණේ අවුරුදු දෙකකට කලින්. මහින්ද මහත්තයා එක්ක මමත් ඉවත් වුණා. අද වනතුරු චෝදනාවක් නෑ. මම සියලු දේවල් සිදුකර ඇත්තේ නීත්‍යනුකූලව.තව පුවතක් යනව මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කෙනෙක් එම නිවසේ ඉන්න බව. එහෙම නම් පාර්ලිමේන්තුවේ එම විස්තර තියෙනවා. බොරුවට ආයුෂ නෑ. ඇත්ත ඉක්මනින් එළියට එනවා.”