roshan-ranasinghe-dilith

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද (02) මව්බිම ජනතා පක්ෂයේ තනතුරු වලට පත් කෙරිණි.
කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදී පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වැදුණු,

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද මව්බිම ජනතා පක්ෂය සමඟ එක්වූ අතර එහිදී ඔහුට එම පක්ෂයේ සභාපති ධුරය පිරිනැමුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාට උප සභාපති ධුරය හිමිවිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි කටාන ආසන සංවිධායක ලෙසත් පත්වීම් ලබාගත්තේය.
මින් ඉහත දිලුම් අමුනුගමද මෙම පක්ෂය හා එක්ව සිටියේය.