sabeetha-building-fraud

මෙයට වසර කිහිප­ය­කට පෙර කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය පව­ත්වා­ගෙන ගිය රාජ­ගි­රිය ප්‍රදේ­ශයේ පිහිටි සිනමා නිළි සබීතාගේ සැමියාට අයත් යයි ප්‍රචාරය වූ පෞද්ග­ලික ගොඩ­නැ­ඟිල්ල පාවිච්චියට පෙර ඒ් සඳහා රජය ලබා­දුන් රුපි­යල් කෝටි 63ක තැන්පතු මුදල මේ වන තෙක් ආපසු අමා­ත්‍යාං­ශ­යට ලබාගෙන නැතැයි කෘෂි­කර්ම අමා­ත්‍යාංශ වාර්තා සඳ­හන් කරයි.
මේ පිළි­බ­ඳව කළ විම­සු­මකදී එම අමා­ත්‍යාං­ශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍ර­ම­සිංහ පවසා ඇත්තේ 2021.04.07 දින කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය රාජ­ගි­රිය ප්‍රදේ­ශයේ පිහිටි අදාළ ගොඩ­නැ­ඟි­ල්ලෙන් බත්ත­ර­මුල්ලේ පිහිටි ගොඩ­නැ­ඟි­ල්ලට ගෙන ගියද මෙම තැන්පතු මුදල ආපසු ලබා දී නැති බවයි. මේ සම්බ­න්ධ­යෙන් අදාළ ගොඩ­නැ­ඟිල්ල අයිති පාර්ශ්ව­යන්ට කීප වතා­වක් අමා­ත්‍යාං­ශය මඟින් දැනුම් දී තිබු­ණද එම තැන්පතු මුදල ලබා­දෙන නිශ්චිත ක්‍රම­වේ­ද­යක් හෝ කාල­යක් දැනුම් දීමට ඔවුන් අපො­හො­සත් වී තිබේ. එබැ­වින් එම පාර්ශ්ව­යන්ට නඩු පැවැ­රී­මට නීති­ප­ති­ව­රයා වෙත භාර ­දුන් බව ද ලේක­ම්ව­රයා පැවැ­සීය.



පසු­ගිය රජ­යන් සමයේ කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ යම් යම් අක්‍ර­මි­කතා සිදුව ඇති බවත් ඒ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ කට­යුතු සිදු­කි­රීම් ආරම්භ කර ඇති බවත් වික්‍ර­ම­සිංහ මහතා අද­හස් ද පළ කළේය. ‘පසු­ගිය වසර ගණ­නා­වක් තුළ කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය තුළ සිදු වී ඇති යම් යම් අක්‍ර­මි­කතා දැන් අනා­ව­ර­ණය වෙමින් තිබෙ­නවා.

කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය පසු­ගිය කාලයේ පෞද්ග­ලික ගොඩ­නැ­ඟි­ල්ලක පව­ත්වා­ගෙන යාමේ දී රුපි­යල් කෝටි 63ක තැන්පතු මුද­ලක් ලබා දී තිබෙ­නවා. මේ වගේ ගනු-දෙනු­ව­කදී සාමා­න්‍ය­යෙන් බැංකු­ව­කින් බැඳු­ම්ක­ර­යක් ලබා ගන්නවා. එසේ අර­ගෙ­නත් නෑ. දැනට එම ගොඩ­නැ­ඟිල්ල එම අයි­ති­ක­රු­වන්ට භාර­දීලා තියෙන්නේ. නමුත් තව­මත් එම තැන්පතු මුදල ලබා­ගෙන නැහැ. තැන්පතු මුදල පිළි­බ­ඳව විමසූ විට ඔවුන් කල්ම­ර­මින් එය ලබා­දීම ගැන පැහැ­දිලි පිළි­තුරු ලබා දෙන්නේ නෑ. රුපි­යල් කෝටි 63ක මුද­ලක් 2021- 2024 දක්වා කාලය තුළ බැංකු­වක තැන්පත් කළා නම් අති­වි­ශාල පොලි­යක් ලබා ගන්න පුළු­වන්.

මේ වගේ සිද්ධි ගණ­නා­වක් තිබෙ­නවා. පොහොර බෙදා­හැ­රීමේ කට­යුතු සම්බ­න්ධ­යෙන්ද පසු­ගිය කාලයේ විවිධ අක්‍ර­මි­කතා සිදුව ඇති බවට තොර­තුරු ලැබී තිබෙ­නවා‍. ඒ ගැනත් ඉදිරි කාලයේ දී විම­ර්ශන ආරම්භ කර­නවා' යැයි ද ලේක­ම්ව­රයා අව­ධා­ර­ණය කළේය.

සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියා වන උපාලි ජයසිංහට අයත් බව කියන රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම අති නවීන ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයේ භාවිතයට 2016 වසරේ හිටපු ඇමති දුමින්ද දිසානායක මැදිහත්ව මාසිකව ලක්ෂ 245 ක කුලී පදනමින් ලබාගෙන තිබුණත් මුලදී කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මාස ගණනාවක් තිස්සේ නිරපරාදේ අගුළු දමා තිබීමෙන් මහජන මුදල් කෝටි 27 කට ආසන්න නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට පවා ලක්විය.අවසානයේ දීර්ඝ ප්‍රමාදයකින් පසු  අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලේ කටයුතු 2018 වසරේ ඇරඹිණි.


මෙහි සිදුවූ මූල්‍ය අක්‍රමිකතා විමර්ශනයට කෝපා කමිටුව රැස්වූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරෙරා මහත්මියගේ සැමියාට අයත් ඩී. පී. ජේ. ගොඩනැගිල්ල ලබාගැනීමට  ගිවිසුම් අත්සන් කිරීම අවස්ථාව වන විට උපකරණ මිලට ගැනීමට හා විවිධ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1 යි ලක්‍ෂ 330 ක මුදලක් වැයවී තිබූ බව 2019 අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදී තිබුණි.
2020 නව රජය බලයට පැමිණි පසු එම ස්ථානයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ඉවත් විය.