siripura-incident

මීට වසර හය­කට ඉහ­තදී අවු­රුදු 15ක පාසල් දැරි­ය­කව සිටි තම දිය­ණි­යට අවස්ථා කිහි­ප­ය­කදී ලිංගික අත­වර කර ඇති බවට එම තරු­ණි­යගේ මව විසින් කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව ඕට­මා­වඩි ප්‍රදේ­ශයේ පාස­ලක අවු­රුදු 29ක් වය­සැති ගුරු­ව­ර­යකු ඊයේ (25) වැලි­කන්ද පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගැනිණ.

මේ පිළි­බ­ඳව ළමා හා කාන්තා කාර්යාං­ශ­යට පසු­ගිය ඔක්තෝ­බර් 21 වැනිදා කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව අදාළ ගුරු­ව­රයා අත්අ­ඩං­ගු­වට ගත් අතර, එම ගුරු­ව­රයා 2018 පෙබ­ර­වාරි 9 වැනිදා දැරි­යට ලිංගික අත­වර කර ඇති බවට අධි­ක­රණ වෛද්‍ය වාර්තා­ව­ලින් පවා සනාථ වී ඇති බව ද පරී­ක්ෂණ පව­ත්වන පොලි­සිය සඳ­හන් කළේය. එම දැරි­යව විවාහ කර ගන්නා බවට අදාළ ගුරු­ව­රයා එම දින­ව­ලදී පොරොන්දු වී තිබෙන අතර, පසුව පොරො­න්දුව කඩ කර ඔහු වෙනත් විවා­හ­යන් කිහි­ප­යක් සිදු කර­ගෙන ඇති බවට මේ සම්බ­න්ධ­යෙන් සිදු කර ඇති පරී­ක්ෂ­ණ­ව­ලින් තහ­වුරු වී තිබේ.



සිද්ධි­යට සම්බන්ධ තරු­ණිය වැලි­කන්ද කුඩා පොකුණ ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින අතර, ඇයට මේ වන විට වයස අවු­රුදු 21ක් පමණ වන බව පරී­ක්‍ෂණ සිදු කරන වැලි­කන්ද වැඩ­බ­ලන පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ප්‍රදීප් සෙනෙ­වි­රත්න මහතා අප කළ විම­සී­ම­කදී සඳ­හන් කළේය. අදාළ ගුරු­ව­රයා පාසල් දැරිය විවාහ කර ගන්නා බවට පොරොන්දු වී අන­තු­රුව ඔහු කුඩා­පො­කුණ ප්‍රාථ­මික විද්‍යා­ල­යෙන් මාරු­වී­මක් ලබා කල්මුණේ නින්ද­වූර් ප්‍රදේ­ශයේ පාස­ල­කට ගොස් එම පාසලේ ද ගුරු­ව­රි­යක් සමඟ විවාහ වී ඇති බවට තොර­තුරු ලැබී ඇතැයි පොලි­සිය සඳ­හන් කරයි. ඒ අනුව, අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අදාළ ගුරු­ව­රයා ඊයේ (25) පොලො­න්න­රුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කළ බව ද සෙන­වි­රත්න මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

මේ අතර, මීට දින කිහි­ප­ය­කට ඉහ­තදී වැලි­කන්ද අසේ­ල­පුර කොට්ඨා­සයේ ප්‍රසිද්ධ පාස­ලක ගණිත ගුරු­ව­ර­යකු විසින් අවස්ථා කිහි­ප­ය­කදී අවු­රුදු10යි මාස 03ක පාසල් සිසු­වි­යක් ගුරු නිවා­ස­යට රැගෙන ගොස් දූෂ­ණය කර

ඇති බවට මවු­පි­යන් විසින් කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව වැලි­කන්ද පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණය ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ඔහු ඇප මත නිද­හස් කර තිබිණ. මෙසේ දිඹු­ලා­ගල අධ්‍යා­පන කලා­පයේ වැලි­කන්ද අධ්‍යා­පන කොට්ඨා­සයේ කුඩා පොකුණ සහ අසේ­ල­පුර ප්‍රදේ­ශයේ පාසල් දැරි­යන් දෙදෙ­න­කුට ගුරු­වරු දෙදෙ­න­කු­ගෙන් සිදු වූ ලිංගික අත­ව­ර­යන් පිළි­බඳ අද­හස් දක්වන බොහෝ මවු­පි­යන් සඳ­හන් කරන්නේ තම දරු­වන් පාස­ලට යැවීමේ බර­ප­තළ අව­දා­න­මක් පව­තින බවයි. පාසල් දරු­වන් සම්බ­න්ධ­යෙන් මෙන්ම ගුරු­වරු සම්බ­න්ධ­යෙන් සොයා බලන අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය සහ ඊට වග­කි­ව­යුතු ආය­ත­න­වල දැඩි අව­ධා­නය වැලි­කන්ද අධ්‍යා­පන කොට්ඨා­ස­යට යොමු විය යුතු බවද වැලි­කන්ද කොට්ඨා­සයේ මවු­පි­යන් මෙන්ම පාසල් සංව­ර්ධන සමි­ති­වල නිල­ධා­රීහු කිහි­ප­දෙ­නකු ද අප සමඟ සඳ­හන් කළහ.
(සිරි­පුර - මදු­ශානි අබේ­සිංහ)