මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් තොගයක් සහ පාප්ප බාල්දියක් ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගය පක්ෂයෙන් තරග වදින සමගි ජන බලවේගය පක්ෂයේ බලපිටිය ප්‍රධාන සංවිධායක නීතීඥ කමල් ජයන්ත මහතා ඇතුළු හය දෙනෙකු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව
එමෙන්ම පෝස්ටර් තොගය සහ පාප්ප බාල්දිය ප්‍රවාහනය කළ නීතීඥ කමල් ජයන්ත ද සොයිසා මහතාගේ ජීප් රථයද මුදාහරින ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.මෙලෙස ඇප නියම වූයේ, සමගි ජන බල වේගය පක්ෂයේ මාධ්‍ය ලේකම් එම්. හේමන්ත ද සිල්වා සහ බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන එම්.ඩබ්ලිව්. සෙනරත්, පවරසිරි ද සොයිසා යන මහත්වරුන් ඇතුළු පිරිසකි.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් තොගයක් සහ පාප්ප බාල්දියක් ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගය පක්ෂයෙන් තරග වදින සමගි ජන බලවේගය පක්ෂයේ බලපිටිය ප්‍රධාන සංවිධායක නීතීඥ කමල් ජයන්ත මහතා ඇතුළු හය දෙනෙකු ඊයේ (29දා) අලුයම අම්බලන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය විසින් ගොනු කරන ලද නඩුවට අදාළව නීතීඥ කමල් ජයන්ත ද සොයිසා මහතා ඇතුළු සැකකරුවන් හයදෙනාට 2025 මාර්තු මස 3වැනිදා බලපිටිය අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.මෙම නඩුව සඳහා බලපිටිය අධිකරණය තුළ සිටි සියලුම නීතීඥවරුන් නීතීඥ කමල් ජයන්ත මහතා ඇතුළු සැකකරුවන් හයදෙනා වෙනුවෙන් නොමිලයේ පෙනී සිටීම විශේෂත්වයකි.
(එම්. සුසිල් පියන්ත)
0 Comments