spain-youtuber-death

අන්තර්ජාලය සලිත කරමින් තායිලන්තයේ සිදුවූ මිනිමැරුමක් සම්බන්ධ නඩු විභාගයක් පසුගිය සතියේ අවසන් වූයේ යුටියුබ් සූපවේදී ඝාතකයෙකුට උපරිම දඬුවම් නියම කිරීමෙන් අනතුරුවය.
ස්පාඤ්ඤ නළු රොඩොල්ෆෝ සැන්චෝගේ පුත්‍රයා බව පැවසෙන අවුරුදු 30ක් වයසැති ස්පාඤ්ඤ සූපවේදී ඩැනියෙල් සැන්චෝ බ්රොන්චාලෝට මෙම දඩුවම නියම විය. යූටියුබ් ඔස්සේ ජනප්‍රියවී සිටින මෙම සූපවේදියා සම ලිංගික ඇසුරක් පැවැත්වූ බව කියන
කොලොම්බියානු ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය එඩ්වින් අරියෙටා අර්ටෙගා කල්තියා සැලසුම් කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට තායි උසාවියක් විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී.

ස්පාඤ්ඤයේ හා තායිලන්තයේ විශාල මාධ්‍ය අවධානයක් දිනාගත් මෙම නඩුවේ වින්දිතයාගේ දේහය කොටස් කර බැහැර කිරීම පිළිබඳ භයානක විස්තර ඇතුළත් එකක් විය.



 මෙම ඝාතනය සිදු වූයේ 2023 අගෝස්තු මාසයේදී තායිලන්තයේ කෝ ෆා-න්ගාන් දූපතේදීය. සැන්චෝ සහ අරියෙටා අන්තර්ජාලය හරහා සම්බන්ධ වීමෙන් පසු එහිදී හමු වී තිබේ. ඔවුන් හමුවීමට පෙර සමරිසි රොමාන්තික සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන ඇති බව වාර්තා වේ.
 සැන්චෝට කල්තියා සැලසුම් කළ මිනීමැරුම, මළසිරුර සැඟවීම සහ දේපළ විනාශ කිරීම යන චෝදනා එල්ල විය. ඔහු අරියෙටා ඝාතනය කළ බව පිළිගත්තද,

අරියෙටා තමාට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ අවස්ථාවක ඇති වූ ගැටුමකදී ස්වයං ආරක්ෂාව සඳහා එය සිදු කළ බව ප්‍රකාශ කළේය.

නඩු විභාගය කෝ සමුයි හිදී පැවැත්වුණු අතර සැලකිය යුතු මාධ්‍ය ආවරණයක් ලැබිණි. සිද්ධියට පෙර සැන්චෝ පිහි සහ පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය මිලදී ගැනීම ඇතුළු සාක්ෂි ඉදිරිපත් කෙරුණු අතර එමඟින් කල්තියා සැලසුම් කිරීම පෙන්නුම් කෙරිණි. ඔහු අරියෙටාගේ සිරුරේ කොටස් ප්ලාස්ටික් බෑග්වල දමා බැහැර කළ ස්ථාන කිහිපයකටම පොලීසිය රැගෙන ගොස් තිබේ.



මුලින් මරණ දඬුවමට මුහුණ දුන් සැන්චෝගේ දඬුවම නඩු විභාගයේදී දැක්වූ කරුණු හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලඝු කරන ලදී. තවද අරියෙටාගේ පවුලට වන්දි වශයෙන් බාත් මිලියන 4ක් (ඇමරිකානු ඩොලර් 118,000ක් පමණ) ගෙවීමටද නියම කරන ලදී.

අරියෙටාගේ පවුල මරණ දඬුවමට වඩා ජීවිතාන්තය දක්වා සිර දඬුවම ප්‍රිය කරන බව ප්‍රකාශ කරමින් තීන්දුව පිළිබඳ සෑහීමට පත් වූහ. මෙම අපරාධය තම පවුලට විනාශකාරී බලපෑමක් ඇති කළ බව ඔවුහු අවධාරණය කළහ.

සැන්චෝ තමා ක්‍රියා කළේ ස්වයං ආරක්ෂාව සඳහා බව පවසමින් අරියෙටාගෙන් තමාට තර්ජනයක් ඇති වූ බව පැවසීය. ඔහුගේ නීතිඥයින් තර්ක කළේ ඔහු අරියෙටාගේ ඔබ්සෙෂන් තත්ත්වයේ "තිරකරුවකු" බවත්, ඔවුන්ගේ ගැටුම අරියෙටා වැටී හිස හැපීමෙන් හදිසි අනතුරකින් මරණයට පත් වූ බවත්ය.