sujeewa-senasinghe-tissa-attanayake

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කිරීමට අපේක්ෂකයින් නම් කිරීමේදී මේ දක්වා නොසිට උඩින් පාත්වූ අපේක්ෂකයින් නිසා තමන්ගේ කෝටාව අඩුවන බවට තර්ක කරමින් සුජීව සේනසිංහ මහතා අපේක්ෂකත්වය ලබාගැනීම ගැන පිරිසක් විරුද්ධවී තිබේ.



මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයින් අතර ඇති වූ දැඩි නොසන්සුන්තාව මැද සූජීව සේනසිංහ මහතා මහනුවරට අවශ්‍යය බව පවසමින් භික්ෂූන් වහන්සේ පිරිසක් උද්ඝෝෂණයක නිරතවන්නට සැරසුණ බවද වාර්තා විය.

සුජීව සේනසිංහ මහතා මහනුවර දිස්ත්‍රික් නායකයා වශයෙන් නම් කරන්නට යාමද ගැටලු කාරී වූ අතර තිස්ස අත්තනායක පාර්ශ්වය මීට එරෙහිව ඇතයි ඇතැමුන් කීවද ඇතැමුන් පවසන්නේ මෙම ව්‍යාජ අර්බුදය සුජීව නිර්මාණය කළේ ජාතික ලැයිස්තුවට යන්නට බවය.


ඇතිවූ විරෝධතා සැලකිල්ලට ගනිමින්සුජීව සේනසිංහ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර අදාළ අර්බුදය විසඳීමට පක්ෂ නායකත්වය කටයුතු කර තිබේ.

 සමගි ජන සන්ධානය තිස්ස අත්තනායක මහතා ගේ නායකත්වය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ඇත.