tea-cup-story

තේ කෝප්පයේ මිල වැඩි යැයි කී විට උරණ වී රාජ්‍ය බුද්ධි සේවයේ නිල­ධා­රි­යෙ­කුට පහ­රදී බිය­ගන්වා ඔහු සතු රාජ­කාරි හැඳු­නු­ම්පත පැහැ­ර­ගත් බව කියන මගී බස් රථ තේ පානය සඳහා නතර කරන කොත්මලේ හෝට­ල­යක හිමි­ක­රු­වකු සහ සේව­ක­යකු කොත්මලේ පොලි­සිය පෙරේදා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙම සැක­ක­රු­වන් දෙදෙනා හෙල්බොඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු ලබන තිස්වැ­නිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර තිබේ. පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු වන මෙම රාජ්‍ය බුද්ධි සේවා නිල­ධා­රියා පුහුණු වැඩ­මු­ළු­ව­කට සහ­භාගි වීම සඳහා කොළඹ සිට නුව­ර­එ­ළිය බෝමු­රු­ඇල්ල පුහුණු මධ්‍ය­ස්ථා­නය වෙත ඉකුත් දහ­තු­න්වෙ­නිදා ගමන් කර ඇත්තේ මගී බස් රථ­යක නැඟීය.

එම බස් රථය මගීන්ට තේ පානය සඳහා කොත්මලේ පිහිටි හෝට­ල­යක් අසල නතර කර ඇත. එහිදී බස් රථ­යෙන් බැස ගත් මෙම පොලිස් කොස්තා­ප­ල්ව­රයා තේ පානය කිරී­මට සූදා­නම් වී තිබේ. එහිදී ප්ලේන්ටි­ය­කට රුපි­යල් පන­හක මුද­ලක් ලබා­ගෙන තිබේ. ප්ලේන්ටියේ මිල වැඩි බව පැව­සී­මත් සමඟ ඇතිවූ බහි­න්බ­ස්වී­ම­කින් අන­තු­රුව රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තා­ප­ල්ව­ර­යාට පහ­ර­දීම සිදුව ඇත. එම පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් එම නිල­ධා­රියා නුව­ර­එ­ළිය පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කර­මින් රෝහ­ල්ග­තවී තිබුණි.

මෙහිදී හෝටල් හිමි­යාද තමාට කොස්තා­ප­ල්ව­රයා පහ­ර­දුන් බව සඳ­හන් කර­මින් කොත්මලේ පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කර රෝහ­ල්ග­තවී ඇත.

රාජ්‍ය බුද්ධි සේවා කොස්තා­ප­ල්ව­ර­යාට පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් කොත්මලේ පොලි­සිය හෝටල් හිමියා ඇතුළු දෙදෙ­නෙකු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණය ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තා­ප­ල්ව­ර­යාද කොත්මලේ පොලි­සි­යට පැමිණ භාරවී ඇත. එහිදී ඔහු­වද අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.නිල­ධා­රියා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.
(ගයාන් කුමාර වීර­සිංහ)