ටෙක්නි­කල් හන්දිය ආස­න්න­යේදී ගණිකා වෘත්තියේ නිරත කාන්තා­ව­ක තියුණු ආයු­ධ­ය­කින් ගෙල­ කපා ඝාත­නය කිරීමේ සිද්ධි­යට අදා­ළව වහාම විම­ර්ශ­න­යක් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (7) කෙසෙ­ල්වත්ත පොලි­සි­යට නියෝග කළේය.



අප­රා­ධය සිදු­ කළ පුද්ග­ලයා හඳු­නා­ගෙන ඇති බවත් අත්අ­ඩං­ගු­වට ගැනී­මට මේ වන විට විම­ර්ශන ක්‍රියා­ත්මක බවත් කෙසෙ­ල්වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

කොළඹ 12 ප්‍රදේ­ශයේ පදිංචි ගණිකා වෘත්තියේ යෙදෙන වයස අවු­රුදු තිස් දෙකක් වය­සැති කාන්තාව ඊයේ (7) උදෑ­සන මෙලෙස ඝාත­න­යට ලක්වී ඇති බව කෙසෙ­ල්වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු දැක්වීය.

කෙසෙ­ල්වත්ත පොලිස් වසමේ ටෙක්නි­කල් හන්දිය ප්‍රදේ­ශ­යේදී තියුණු ආයු­ධ­ය­කින් කාන්තා­ව­කගේ ගෙල කපා මනුෂ්‍ය ඝාත­නයක් සිදු­කළ බවට කොළඹ ජාතික රෝහල කෙසෙ­ල්වත්ත පොලි­සි­යට කරන ලද පැමි­ණි­ල්ලක් සලකා බැලී­මෙන් අන­තු­රුව අධි­ක­ර­ණය විසින් මෙම නියෝ­ගය ලබා දෙන ලදි.

තියුණු ආයුධ ප්‍රහා­ර­ය­කට ලක් වූ අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇති බව කෙසෙ­ල්වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.



පහළ බෝමි­රිය, කඩු­වෙල ලිපි­නයේ පදිංචි පුද්ග­ල­යකු විසින් මර­ණ­කා­රිය රෝහ­ල්ගත කර ඇති අතර ඒ සම්බ­න්ධව විම­ර්ශන කට­යුතු සිදු­වන බවද පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙම කාන්තාව ගණිකා වෘත්තියේ නියැ­ළෙ­මින් සිටි අව­ස්ථා­වක එම පුද්ග­ලයා අතර ඇති මුදල් ආර­වු­ලක් සහ පුද්ග­ලික ආර­වු­ලක් මත මෙම ඝාත­නය සිදු­කර ඇති බව විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. ඝාත­න­යට ලක්වූ කාන්තාව දිව ගොස් ඇද වැටී මගේ ගෙල කැපුවා මාව ඉක්ම­නට ඉස්පි­තා­ල­යට රැගෙන යන්න ලෙස විලාප දී ඇති බවද පොලි­සිය අධි­ක­ර­ණ­යට කරුණු දැක්වීය.

ඒ අනුව ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ අධි­ක­ර­ණය සිද්ධි­යට අදා­ළව විම­ර්ශන කට­යුතු සිදු කර සැක­කාර පුද්ග­ලයා අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස නියෝග කළේය.
( කල්පනි අබේ­සිංහ)