three-wheel-school-van-fare-not-change

ඉන්ධන මිල අඩු වුවත් ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමක් නොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ හා රියැදුරන්ගේ සංගමය පවසා තිබේ.

පෙට්‍රල් මිල රුපියල් 300ට වඩා අඩු වීමක් සිදුවන්නේ නම් පමණක් ගාස්තු අඩු කරන බවද ත්‍රී රෝද රථ අමතර ගාස්තු, ටයර් ආදිය අඩු නොවීම හේතුවෙන් ගාස්තු අඩු කිරීම ගැටලුවක් බවද එහි නියෝජිතයෙක් පැවැසීය.



මේ අතර ඉන්ධන මිල අඩු වුවද පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තු අඩුකිරීමේ අදහසක් නැති බව සමස්ත ලංකා පාසල් සිසුන් ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා කීවේය.

මේ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් තව දින තුනකින් සංගමයේ විධායක කමිටුව රැස්වී අරගන්නා බවද ඔහු කීය.



ඉන්ධන මිල අඩු වුවත් වාහන ගාස්තු අඩු නොකිරීමේ අදහසට බලපෑ හේතු රැසක් ඇති බව කී රුවන් මහතා ඉන්ධන මිල අඩු වුවද රථ වාහන අමතර කොටස් දිනෙන් දිනම ඉහළ යාම මෙයට බලපෑ ප්‍රධානතම හේතුව බවද කීවේය.

මාසික ඉන්ධන ගාස්තු සංශෝධනය පෙරේදා (30) සිදු කෙරිණි.