train-strike-called-off

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ දුම්රිය බලධාරීන් අතර ඊයේ (30දා) පැවැති සාකච්ඡාවකින් කියැවුනේ
දිගු කාලයක සිට දුම්රිය පරිපාලනය තුළ පවතින අර්බුද හේතුවෙන් ඊට කඩිනම් විසඳුම් ඉල්ලමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක නිරතවිය යුතු බවයි. මේ සම්බන්ධ වෘත්තිය සමිති අතර කඹ ඇදිල්ලක් පැවති බවද ඊයේ උදෑසන වාර්තා විය.
මැතිවරණයක් ආසන්නයේ පවත්වන වැඩවර්ජනය දේශපාලන අවශ්‍යතාවයට මගීන් අපහසුතාවයට පත්කිරීමේ වාසිය පිරිසකට ලබාදෙන්නට දරන වෑයමක් ලෙස විවේචන මතු විය.
වැඩ වර්ජනයක් සිදු කරන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව රැස්වූ පසු පස්වරු 4.30 සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කරය තිබුණි.
.ඒ අනුව ප්‍රවේශපත් නිකුත්කිරීමේ රාජකාරි කටයුතු වලින් ඉවත්වූ අතර සිය ඉල්ලීම් සම්බන්ධව ප්‍රවාහන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සමග සිදු කළ සාකච්ඡා අසාර්ථක වීම නිසා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගනු ලැබූ බව බලදාරීන් දන්වා සිටින ලදි.


දුම්රිය ස්ථාන භාර ස්ථානාධිපතිවරුන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගවලින් බැහැර වූ එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා මාධ්‍ය වෙතද ප්‍රකාශ කළේය.
දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ රාජකාරිවලින් ක්ෂණිකව ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමත් සමග කොළඹ කොටුව ඇතුළු බොහෝ දුම්රිය ස්ථානවල දැඩි උණුසුම් තත්ත්වයක් හටගැනිණි.
මගීන් දුම්රිය ස්ථානවලට පැමිණි අවස්ථාවේ ප්‍රවේශ පත්‍ර කවුළු වසා දමා තිබූ අතර, මේ හේතුවෙන් මගීහු ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියවල ගමන් කර තිබුණි.


කොටුව දුම්රිය ස්ථානයට පැමිණි මගීහු ප්‍රධාන දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ ධාවනය වූ දුම්රියවල නොමිලේම ගමන් කළහ.
ප්‍රවාහන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් අතර ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාව මෙන්ම දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවැති සාකච්ඡා ද අසාර්ථක වූ නිසා වර්ජනය දිගටම පවතින ආකාරයක් දිස් විය.
කෙසේ වෙතත් හදිසියේ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණු අතර;  සුපුරුදු ලෙස අද අලුයම සිට දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු වූ බවත් මගීන් ප්‍රවේශ පත්‍ර ලබාගෙන දුම්රියේ ගමන් කරන ආකාරය දක්නට ලැබුණු බවත් දිවයින පුරා දුම්රිය ස්ථාන වලින් වාර්තා විය.



පසුව වාර්තා කර තිබුනේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදට යෙදී තිබෙන දීපාවලී දිනය වෙනුවෙන් අත්හිටවූ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය සදහන් කළ බවයි.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය වර්ජනය අවසන් කළ බව සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතාද තහවුරු කළේය.
දීපවාලියෙන් පසු නැවත වර්ජනය අරඹන බවත් ඔවුන් කියා නැත.